(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.
යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන් බ්‍රිගේඩියර් නිලයට මෙලෙස උසස් කර ඇති බව යුද හමුදාව කියයි.
ජුලි මස 30 වැනි දිනය බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලැබූ නිලධාරීන් උසස් කර ඇති බවද හමුදාව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
ඉතාම හොඳ වැඩක්...
දාන්නකෝ බලන්න.... ලිස්ට් එක අපිටත් සතුටු වෙන්න, නියමයි හමුදාපතිතුමනි...
හමුදාපතිතුමා 18 වෙනිදා සිට විශ්‍රාම යන බවත් එම තනතුරට ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. ශවේන්ද්‍ර සිල්වා මහතා එක්තරා දේශපාලන කණ්ඩායමකට හිතවත් අයෙක් නිසා මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාල වකවානුවක එවැනි කෙනෙකුට හමුදාව බාර දීම එක්තරා අපේක්ෂකයෙකු හට වාසි ගෙනදෙන්නක් වෙන බවයි සමහරු කියන්නේ. මේ අවස්ථාවේදී අපට මතක් වෙන්නේ 2010 මැතිවරණ කොමසාරිස්වරයා අරලිය ගහ මන්දිරයේ නවත්වාගෙන ඡන්ද පැවැත්වූ අතර ඡන්දයට පසුව කොමසාරිස්වරයාට තානාපති තනතුරක් පිරිනැමුණු සිද්ධියයි. එම මැතිවරණයට ඉදිරිපත්වූ එක අපේක්ෂකයෙක් ඡන්දය දවසේ මධ්‍යම රාත්‍රිය වනතුරු ඉදිරියෙන් සිටි බවත් පසුවදා අලුයම 1 වනවිට ඔහු පරාජයට පත් වුණුබවත් ඒ කාලයේ කතාබහට ලක්වී තිබුණාත් මතකයි. මැතිවරණයක් කට උඩ තිබියදී හමුදා පාලනය එක අපේක්ෂකයෙකුගේ හිතවතෙකුට බාරදීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන ආකාරයක් බවයි සමහරු අර්ථ කථනය කරන්නේ. එසේම එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ වෑයමක්ද පවතින බව තවත් සමහරු කියනවා.