(ඉන්දිකා රාමනායක)

තරුණයන් 11 දෙනෙකු 2008 වසරේ දී  පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (4) පැය අටකට කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත කරන්නාගොඩ මහතා අද පෙරවරු 9.30 ට එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 5.30 දක්වා පැවැත්විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කරන්නාගොඩ මහතාගෙන් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.