(නිමල කොඩිතුවක්කු)
රජය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගර මධ්‍යයේදී අද (13) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සංවිධානය කළ මෙම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න, රෝහිණී කවිරත්න, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කරුණු කිහිපයක් මුල්කරගෙන කඩවතදී ස.ජ.බයෙන් විරෝධතාවයක්
sunilshantha pathirana Tuesday, 13 July 2021 07:23 PM
ඊයේ අලි සබ්‍රි එක්ක නැවේ තෙල් ප්‍රශ්නයට කඩේ දාගෙන කතා කරලා... අද හිටිහැටියේ මේ වගේ දෙයක් කිරීම දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ. මරු විපක්ෂ නායකයා.. ලැජ්ජ නැද්ද මන්දා...?
Sanka Tuesday, 13 July 2021 09:05 PM
ගිලුණු නෞකාව ගැන සජිත් රජයත් එක්ක කතා කරලා ධීවරයින්ට සහන දෙන්න ඉදිරිපත් වීම මොකක්ද වැරැද්ද? නිකම් පිස්සු දොඩවන්න එපා. විපක්ෂනායකතුමා හොඳ දෙයක් කළත් නිකම් බොරුවට මඩ ගහන්න එපා.
senaTuesday, 13 July 2021 10:24 PM
සජිත් ඉදිරි වසර දෙක සදහා අගමැති කරමු
යෝගා Tuesday, 13 July 2021 10:55 PM
ආණ්ඩුවේ වේදිකාවෙයි, විපක්ෂයත් එක්ක මහපාරෙයි ඉන්න චීවරධාරින් දැකීමත් පිළිකුල්... හාමුදුරුවන් මහණකම හැර අනෙකුත් සියලු දේ කිරීම කණගාටුයි..
Tooni Tuesday, 13 July 2021 11:52 PM
හැමදාම මෙයාට ඔව්වා කර කර තමයි ඉන්න වෙන්නේ.. අපරාදෙ කාලය.. ගිය අවුරුද්දේ විතරක් මෙයාලා පැය 25000ක් විතර මෙයාලා කෑවා...
Chinthaka Wednesday, 14 July 2021 08:48 AM
මෙයාට ඕනේ කොහොමහරි බලයට එන්න.., මිසක් ජනතාවට හොඳක් කරන්න නොවේ. පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැති කෙනෙක් නේද මේ..? එදා පාස්කු ප්‍රහාරය, මහ බැංකු හොරකම වගේ දේවල් වලට කට වහගෙන ඉඳලා දැන් බොරුවට දඟලනවා. ලැජ්ජාවක් නැහැ.