IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම බලරහිත කරන්නයි ඥානසාර හිමියන්ගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
තම නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂය"  කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  අද  (13) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ
 
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම්කාර ඥානසාර හිමියන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක පවතින බව කියන දෝෂයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවත් ,මැතිවරණ නීතියට අනුව එවැනි කරුණු සම්බන්ධයෙන් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවය 
 
මේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති.
 
එමෙන්ම පෙත්සම් විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රතික්ෂේප කළ සිය නාම යෝජනා පත්‍රය යළි බර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම මඟින් ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති.



අදහස් (2)

කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම බලරහිත කරන්නයි ඥානසාර හිමියන්ගෙන් පෙත්සමක්

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 11:58 AM

අනේ දෙවියනේ !!! අපේ ශාසනයට ගිය කලක්. ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් සිදුහත් කුමාරයා සක්විති රජකම අතහැරියා. ඒත්, අද තත්වය... බුද්ධ චීවරය කිලිටි නොකොට ගිහියන් ලෙස දේශපාලනය කරන්න බැරි ඇයි? ඒ අතින් බලනවිට වෙනත් ආගම් වල පූජ්‍ය පක්ෂය අපේ අයට වඩා ඉදිරියෙන්...

:       0       0

Mahesh Wednesday, 13 May 2020 12:10 PM

සාධාරණයක් වියයුතුය. ව්‍යවස්ථාව කඩපු සිරිසේනට කොහොමද ඡන්ද ඉල්ලන්න ඉඩ දුන්නේ? ඔහු දින්නත් ව්‍යවස්ථාව කඩපු නිසා මන්ත්‍රී ධුරය අහෝසි වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 395 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 444 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site