(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති , නාගරික ඉංජිනේරු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙසේත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු වරෙන්තුව ක්‍රියාත්මක වීම ලබන 24 වැනිදා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනා ගොනු කළ රිට් පෙත්සම් සළකා බලමින් අභියචනාධිකරණය මගින් මෙම නියෝගය ලබා දෙන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ලබා දෙන ලදි.
ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව
වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ශ්රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැව
පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5ට එරෙහි වරෙන්තුව 24දා තෙක් අත්හිටුවයි
Kamal Koyrala Wednesday, 12 August 2020 10:31 AM
මේ විදිහට වැටලීම්වලින් අසුවන වරෙන්තුකරුවන්ටත් පොඩි ට්‍රයි එකක් දුන්නොත් කල් අරගන්න පුළුවන්..
Nuwan Wednesday, 12 August 2020 10:42 AM
ඕකනේ මම කිව්වේ 2/3 ගන්න පොඩ්ඩක් ඉන්න කියලා. කොහේද තදියමනේ. කවුරුහරි දේශපාලකයෙක් මොන වැරැදි වැඩේ කළත් අවුලක් නැහැනේ.
Hema Wednesday, 12 August 2020 10:47 AM
ආසියාවේ ආශ්චර්යය.
සෑම් Wednesday, 12 August 2020 10:47 AM
මෙහෙමත් අධිකරණයක්.... ඕක අවුරුදු 5කට වහලා දාන්න.
sadisThursday, 13 August 2020 01:04 AM
කොහොමත් එහෙම තමයි වෙන්නේ...
විජිත් Wednesday, 12 August 2020 10:51 AM
නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාණෙනි, මේ වගේ නඩු තීන්දු අහද්දී ඔබතුමා කොයිතරම් සත්‍යවාදී අදහසක්ද ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරලා තිබුනේ කියලා හැම මොහොතේම සිහියට නැගෙනවා..." මා ජනාධිපති ලෙස පත්වූ වහාම, දූෂිත විනිශ්චයකාරවරුන් ගෙදර යවමි. ඒ වෙනුවට ශක්තිමත්, අවංක, අපක්ෂපාති, දේශපාලකයින්ට නොනැමෙන, විනිශ්චයකාරවරුන් පත්කරමි." ඒ වෙනස දකින්නටත් අපි අවාසනාවන්ත වුයේ බයියන්ගේ ටකරම් ඡන්ද නිසයි. නැතිනම් බත්මුල්, අරක්කු ඡන්ද නිසයි. නීතියේ ස්වාධිපත්‍ය අරක්කු වීදුරුවකට විකුණන රටක්.. ලැජ්ජයි. මෙවැනි විනිශ්චයකාරවරුන්ගෙන් රටට කෙසේවෙතත් දූෂිත, බාර් කාරයින්ට නම් සෙතක් සැලසෙන බව පෙනෙනවා.
බද්රානි Wednesday, 12 August 2020 10:51 AM
මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් බුවනෙක හෝටලය කැඩීමේ කිසිම වරදක් නැහැ. වරෙන්තුව අත්හිටවීමට ගරු අධිකරණය ලබා දුන් තීන්දුවට අපගේ බලවත් ආචාරය..!!
Champa Wednesday, 12 August 2020 11:47 AM
අවිචාරවත් ක්‍රියාදාමයක ආරම්භය...
Dasa P Wednesday, 12 August 2020 03:32 PM
තාම රස්නෙ ගියෙත් නැහැනේ... වැඩ පටන් අරන්...
pradeepa Wednesday, 12 August 2020 05:41 PM
අධිකරණයට ගරු නොකර හැංගිලා ඉන්න අයට... ඇයි අධිකරණය මේ වගේ තීන්දු ගන්නේ? මේකෙන් වෙන්නේ තවතවත් වැරැදි වැඩ කරන්න බය නැතිවෙනවා ජනතාව...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 03:45 AM
මෙහිදී සිදුකොට ඇත්තේ අධිකරණ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීම පමණයි. ඒකෙන් විත්ති පාර්ශවයට පක්ෂපාති වීමක් හෝ අවනත වීමක් ගැන කියවෙන්නේ නැහැ. නීතිය ක්‍රියාවේ යොදවන විනිසුරුතුමන්ලා ට නීතියේ රාමුවට පිටින් යන්නට බැහැ. නීතිය හා එය ක්‍රියාවේ යොදවන අය සර්ව සාධාරණ දෙවිවරුන් බවට සුදුහුණු ගෑමක් මෙහිදී මා කියා නැහැ. ඒ කෙසේවෙතත්, මේ රෝම ලන්දේසි නීතියේ තිබෙන අඩුපාඩු හා දුර්වලකම් සංශෝධනය කොට නීතිය රටට හා ජනතාවට වඩාත් වැඩදායි ආකාරයට යෙදවීමට කාලය පැමිණ ඇත. එහෙත්, ඒ සඳහා අපේ රටේ මිනිසුන් කොතරම් දුරට බුද්ධිමත් දැයි දන්නේ නැහැ.
Perera Thursday, 13 August 2020 06:23 AM
ඉඩම් ජාවාරමකට අහුවෙලා වැඩ තහනමකට ලක්වෙලා හිටපු නවාස්ව ආපහු ගෙනැල්ලා අභියාචනාධිකරණයේ සභාපති පුටුවේ වාඩි කෙරුවේ අවස්ථාව අනුව නීතිය නවලා තීන්දු ලබාගන්න.