(විනීතා එම් ගමගේ)
අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම මූලික සුදුසුකම සේ සළකා බඳවාගත් ක‍්‍රීඩා පුහුණුකරුවන් 3850දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්වීම් ලබාදීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි.
මෙම පිරිසට පත්වීම් ලබාදීම අද (12) අරලිය ගහ මන්දිරයේ දී සිදු කරන බවත් එම බඳවා ගැනීම් නීති විරෝධී යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවූ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම බඳවා ගැනීම් ජාතික මට්ටමින් සිදුකර ඇතැයි පැවසූ ස්ටාලින් මහතා 20,000 කට අධික තරුණ පිරිසකගෙන් මෙම පිරිස බඳවා ගෙන ඇත්තේ තරඟ විභාගයක්වත් නොපවත්වා සම්මුඛ පරීක්ෂණවලින් පමණක් යැයි ද කීය.
ඔවුන්ට ඇති එකම සුදුසුකම සේ සළකා තිබුණේ දිස්ති‍්‍රක් මට්ටමින් පාසල් කී‍්‍රඩා තරඟයකින් තෙවැනි ස්ථානය ලබා තිබීම බවත් මේ වනවිට මේ පිරිසට පුහුණුවකුත් ලබා දී ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා සඳහන් කළේය.
අද දිනයේ ඇති ප‍්‍රධානතම අවශ්‍යතාවය වන්නේ ලක්ෂ 45ක් වන සිසු දරුවන් පිරිස පාසල් යැවීම සඳහා මව්පියන්ට ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදීම වුවත් එය වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ මේ කටයුත්ත යැයි ද හෙතෙම කියා සිටියේය.
COMMENTS
ඒක අසාධාරණ වැඩක්.. අපි කැම්පස් ගිහිනි ඩිග්‍රි ගන්නවා. පැත්තක ඉන්න අයට රජයේ රැකියා දෙනවා. අපේ රටේ දියුණුවක් නැත්තේ වංචාව නිසයි.
ඒක අසාධාරණ වැඩක්. අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඒ වගේ වංචා වැඩ නිසා.
ක්රීඩා ඉගෙන ගත්තොත් අධ්‍යාපනයට බාධා වෙනවා. ඉගෙන ගත්තොත් ක්‍රීඩා බැරිවෙනවා. උසස්පෙළ ප්‍රතිඵල අඩු වුනත් ක්‍රීඩා සහතික ඇත්නම් විශ්ව විද්‍යාලවලටත් ගන්නවා. පක්ෂ කණ්නාඩියෙන් බැලුවම ඔහොම පේනවා.
මට නම් මේ පත්වීම් වල කිසිම වැරද්දක් පෙන්නේ නැත. අපොස සා පෙ කියන්නේ තරගකාරී විභාගයක්. එයත් සමග සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග සහතික පත් ඇත්නම්, ක්‍රීඩා ගුරුවරයෙක් වන්න එය අවම සුදුසුකමක් හැටියට වර්ගකීරීම ඉතා සාධාරන බව මාගේ හැගීමයි. ඒ දවස්වල සහ මෑත කාලේ සාමාන්‍ය පෙළ නැති ක්‍රිකට් හෝ රගර් ක්‍රීඩා කල අයට පුද්ගලික සේවයේ හෝ රජයේ සේවයේ උසස් තනතුරු දෙනකොට කවුරුත් කතා කරේ නැහැ. දැන් බලන්න ධම්මික රණතුංග, අසන්ත ද මෙල් සාමාන්‍ය පෙළ නැතිව සංස්ථා වල සභාපති වෙලා ඉන්නවා කවුරුවත් ඒවා ගැන කතා කරනවද. මේ ගමේ ගොඩේ ඉන්න ළමයින්ට රස්සාවක් දෙන්න හදනකොට ඔක්කොම නීති දානවා.
දේශපාලන හා නිලධාරීන් විසින් සිදුකරන අයතා පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයන් සහමුලින්ම අවසන් කර ජනතාවට සාධාරණ හා යුක්තිසහගත ලෙස රැකියාවක් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය.
පාසලේ ක්‍රීඩා දවසට දුවලා 3වෙනි ස්ථානය තිබීමත් ඕ ලෙවල් වැඩ 6 සමත් වීමත් ඩිග්‍රියක් ගන්නවා වගේද? කොච්චර වටිනවාද? හම්බයින්ගේ ඡන්දයට සිංහලයා පාවාදීම ගැන පුදුම වෙන්න එපා...