ආරියරත්න රණබාහු
‘ක්‍රීඩා ඇමැතිවරු වශයෙන් පත්වන ඇමැතිවරුන්ට ක්‍රිකට් ගැන ඇතිවන්නේ පුදුම කිරිපණුගායක්’ යැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (14) පැවසීය. කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ ද කීවේය.
‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.‘‘
‘‘ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැතිධුරවලට පත් චෙච්චි ඈයොන්ටත් එහෙමයි. දැන් ඉන්න ඈයොන්ටත් එහෙමයි.‘‘
‘‘අපේ ෆයිසර් මුස්තාපාටත් කිරිපණුගාය ඔළුවෙනුත් ආවා.‘‘
‘‘ක්‍රිකටර්ස්ලාටයි ක්‍රිකට් සමාජවලටයි ඒක කරගෙන යන්න දෙන්න ඕනෑ. ක්‍රිකට් සමාජවලට මොකක්ද මේ හැදිලා තියෙන ලෙඩේ. ?‘‘
‘‘අපේ අයටත් ඒ ලෙඩේ තියෙනවා අනෙක් අයටත් තියෙනවා.’‘ යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ඒ " ඇමතියෝන්ට" කිරිපණු ගාය. මන්ත්‍රියට කොකුපනුගාය... ඕකට කිරිල්ල දළු මැල්ලුම හොදයි...
මහපාරේ දුවන්න සලස්සමුද?
එතකොට ඒ දවස්වල තිබුන ගායට මොනවාද දන්නේ නැහැ නේද කියන්නේ ?
මේ පණුගාය හැදිලා දඟලන්නේ ඡන්දෙන් පැරදුන කෙනෙක්නෙ.
සුසීගෙන් අහමුද?
ඔබ ක්‍රීඩා ඇමැති නම් කැබිනට්ටුවේ... මොකක්ද තියන කැක්කුම?
ඒ ඇමතිවරුන්ට තිබේද නොතිබේද කියා අප දන්නේ නැහැ. මෙයාටනම් තියෙන බව පෙනේ. ඒකනේ නලිය නලිය මේ වගේ නොහොබිනා කතා කියන්නේ. නැද්ද මං අහන්නේ ?
එතකොට ඉස්සර සුසන්තිකා දිනුවට පස්සේ ඔයාට තිබ්බේ මොන ගායද?
ත්‍රස්තයා මයා වෙත, එ්කට කියන්නේ "කිතුල් ගස්" ගාය කියලයි. සමහරු කියනවා කිතුල්ගස් කලන්තේ කියලයි...
ඔබතුමා අාසනෙත් පරදවෙච්ච පච දිසානායක කියලා ජනතාව හොඳට දන්නවා දැන්... එ්ක නිසා කරුණාකරලා අනුන්ගේ කොකුපණුගායයි, කිරිපණුගායයි හොයන්නැතුව තමන්ගේ තියන ගායට බෙහෙත් ගත්තොත් හොඳයි.
පණු පෙත්තක් දෙන්න
ලෙඩක් හොදින් හඳුනා ගන්න ඒ ලෙඩේ සම්බන්දව හොද පලපුරුද්දක් තිබිය යුතු වෙනවා.
රංගේ මේ ඔයාද?