IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය’

ආරියරත්න රණබාහු

‘ක්‍රීඩා ඇමැතිවරු වශයෙන් පත්වන ඇමැතිවරුන්ට ක්‍රිකට් ගැන ඇතිවන්නේ පුදුම කිරිපණුගායක්’ යැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (14) පැවසීය. කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ ද කීවේය.

‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.‘‘

‘‘ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැතිධුරවලට පත් චෙච්චි ඈයොන්ටත් එහෙමයි. දැන් ඉන්න ඈයොන්ටත් එහෙමයි.‘‘

‘‘අපේ ෆයිසර් මුස්තාපාටත් කිරිපණුගාය ඔළුවෙනුත් ආවා.‘‘

‘‘ක්‍රිකටර්ස්ලාටයි ක්‍රිකට් සමාජවලටයි ඒක කරගෙන යන්න දෙන්න ඕනෑ. ක්‍රිකට් සමාජවලට මොකක්ද මේ හැදිලා තියෙන ලෙඩේ.  ?‘‘

‘‘අපේ අයටත් ඒ ලෙඩේ තියෙනවා අනෙක් අයටත් තියෙනවා.’‘ යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (14)

‘ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය’

Raveendra Thursday, 14 February 2019 12:16 PM

ඔව් ඔව් ඒ " ඇමතියෝන්ට" කිරිපණු ගාය. මන්ත්‍රියට කොකුපනුගාය... ඕකට කිරිල්ල දළු මැල්ලුම හොදයි...

:       0       553

sirimal Thursday, 14 February 2019 12:19 PM

මහපාරේ දුවන්න සලස්සමුද?

:       0       73

ත්‍රස්තයා Thursday, 14 February 2019 01:47 PM

එතකොට ඒ දවස්වල තිබුන ගායට මොනවාද දන්නේ නැහැ නේද කියන්නේ ?

:       0       380

පිටිගල මිලානෝ Thursday, 14 February 2019 01:49 PM

මේ පණුගාය හැදිලා දඟලන්නේ ඡන්දෙන් පැරදුන කෙනෙක්නෙ.

:       0       361

රුවන් Thursday, 14 February 2019 02:00 PM

සුසීගෙන් අහමුද?

:       0       378

Ajith D.L Thursday, 14 February 2019 02:02 PM

ඔබ ක්‍රීඩා ඇමැති නම් කැබිනට්ටුවේ... මොකක්ද තියන කැක්කුම?

:       0       59

Sapumal. Thursday, 14 February 2019 02:11 PM

ඒ ඇමතිවරුන්ට තිබේද නොතිබේද කියා අප දන්නේ නැහැ. මෙයාටනම් තියෙන බව පෙනේ. ඒකනේ නලිය නලිය මේ වගේ නොහොබිනා කතා කියන්නේ. නැද්ද මං අහන්නේ ?

:       0       130

Buddika Thursday, 14 February 2019 02:26 PM

එතකොට ඉස්සර සුසන්තිකා දිනුවට පස්සේ ඔයාට තිබ්බේ මොන ගායද?

:       0       339

Raveendra Thursday, 14 February 2019 02:29 PM

ත්‍රස්තයා මයා වෙත, එ්කට කියන්නේ "කිතුල් ගස්" ගාය කියලයි. සමහරු කියනවා කිතුල්ගස් කලන්තේ කියලයි...

:       0       210

jagath Thursday, 14 February 2019 02:52 PM

ඔබතුමා අාසනෙත් පරදවෙච්ච පච දිසානායක කියලා ජනතාව හොඳට දන්නවා දැන්... එ්ක නිසා කරුණාකරලා අනුන්ගේ කොකුපණුගායයි, කිරිපණුගායයි හොයන්නැතුව තමන්ගේ තියන ගායට බෙහෙත් ගත්තොත් හොඳයි.

:       0       355

parakkramaThursday, 14 February 2019 04:48 PM

මට ඇහුනේ නෑ..........

:       147       0

parakramabahu Friday, 15 February 2019 02:44 AM

පණු පෙත්තක් දෙන්න

:       0       60

නිමල් Friday, 15 February 2019 05:46 AM

ලෙඩක් හොදින් හඳුනා ගන්න ඒ ලෙඩේ සම්බන්දව හොද පලපුරුද්දක් තිබිය යුතු වෙනවා.

:       0       44

Manel Friday, 15 February 2019 09:55 AM

රංගේ මේ ඔයාද?

:       0       155

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site