
කූරගල දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපතිවරයා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට මෙසේ උපදෙස් දුන්නේය.
සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ. මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ඔව් ඔව් කන්න නැතත් ආගමට මුල් තැන දෙනවා කියලා වහල්ලු සනසන්න එපායැ
ඔබතුමා වැඩ කරන්නේ ඉදිරි චන්දේ ගැන හිතා නොව, රටේ අනාගතේ ගැන හිතා බව පැහැදිලියි. ජනප්‍රිය, චන්දෙ වැඩෙන තීරණ ගත්තා නම් අද තාමත් ඔය සිද්ධස්ථානේ අනිත් අය වනසනවා. අනිත් උන් බලන් ඉන්නවා.
මේ පුද බිම සිංහල බෞද්ධයන් ට අහිමි කරමින් ආක්‍රමණය කර තිබුණු තැනක්. වර්ථමාන ගරු ජනාධිපති තුමාටත් ඒ වෙනුවෙන් කැපවුණු මහා සංඝරත්නයටත් බෞද්ධ ජනතාවටත් පිං.
තව විවෘර්ත කරන්න එකක් නැතිව පාලුයි වගේ .ඒකයි හදිස්සිය
ඉක්මන් කරන එක නම් හොඳයි. ආයේ විජාතික බලයක් ආවොත් ඕක නැතිවෙනවා බෞද්ධයින්ට...