(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
හෙට දින (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා යොමු කළ දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික ගැටලූව අද (20) අභියාචනාධිකරණ්‍ය හමුවේ සමතයකට පත්විය.
පෙත්සම්කරුවන් දෙදෙනාට තනතුරු වලට තරග වැදීමට අවසර දීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එකඟ වන බව දැනුම් දීමෙන් පසු සියලූ පාර්ශවකරුවන් එකඟත්වයට පත්වීමෙන් පසුව මෙය සමථය ඇති විය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පැවසුවේ අමාත්‍යයවරයා මෙම පෙත්සමේ පළමු පෙත්සම්කරුට ලේකම් ධූරය සඳහාත් , දෙවැනි පෙත්සම්කරුට උප සභාපති ධූරය සඳහාත් තරග කිරීමට කැමැත්ත පළ කර ඇති බවය.
ඊට අනෙකුත් පාර්ශවකරුවන්ද එකඟ වූහ. ඒ අනුව පෙත්සම සමතයකට පත්විය. මෙම පෙත්සම ලබන මාර්තු 21 වැනි දා යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.
වත්තල හැඳල මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්න යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු , ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරනු ලැබ ඇත.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ක්රිකට් නිලවරණ පෙත්සම සමතයකට
ගුණ්ඩා Wednesday, 20 February 2019 12:22 PM
ලංකාවනේ... අන්තිමේට ඕනෑදෙයක් අත යටින් පාස්....