(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනාම අද (07) පෙරවරු 8 ට පෙර ගිවිසුමට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
එම ක්‍රීඩකයන් 24 දෙනාට අද පෙරවරු 8 වන තෙක් ගිවිසුමට අත්සන් තැබීමට කාලය ලබාදී තිබු බවත් ලේකම්වරයා පැවසීය.
මෙම ක්‍රීඩකයන් 24 දෙනා ගිවිසුමට අත්සන් කිරිම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුගිය මාසයක පමණ කාලයක් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබුණි.
COMMENTS