(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සමඟ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීම අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
ඉදිරියේදී සංචාරයෙන් සංචාරයට ක්‍රීඩකයන් සමඟ ගිවිසුම් අස්සන් කරන බවත් ඉන්දීය සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයන් 29 දෙනකු සංචාරක ගිවිසුමට අස්සන් කළ බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ඉන්දීය සංචාරක ගිවිසුමට අස්සන් තැබූ ක්‍රීඩකයකු පැවසුවේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ගැටලුව විසදා නොමැති බවත් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම්ව සිටින බවත්ය.
COMMENTS