(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයන්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටවූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ලබාදීම සුදුසු නොවන බවට වෛද්‍ය විශේෂඥයන් පවසා තිබෙන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් වයස 30 ට අඩු තරුණයන් බව ද මහාචාර්යා පැවසීය.
එංගලන්තය ‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටුවා තිබෙන බව පැවසූ මහාචාර්වරයා පැවසුවේ අනවශ්‍ය අවදානමක් නොගතයුතු යන මතයේ තමන් සිටින බවය.
ශ්‍රී ලංකාව තුළ කිසිම විටක ‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට පාවිච්චි කර නොමැති බවත් බංග්ලාදේශ සංචාරයෙන් පසුව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට වෙනත් එන්නතක් ලබාදීමට අවදානය යොමු කරන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට කොවිඞ් -19’ මර්දන එන්නත ලබාදීමට ඊයේ (11) දින නියමිතව තිබුනි.
COMMENTS
වයස අඩු අයට ප්‍රශ්නේ හින්දාද නැත්නම් අර ලිංගික ශක්තිය නැතිවෙනවා කියලා යන සමාජ රාවය නිසාද?
මොන දැන්වීම්ද? වෛද්‍ය සිසුන්ට දුන්නේ එහෙනම්...