IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුඹුර ඉල්ලා මව-පියට ගැසූ ප්‍ර.සභා මන්ත්‍රී පුතා

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මව මාතර මහ රෝහලට ද පියා අහංගම රජයේ රෝහල වෙතද ඇතුළත් කර සිටී.

සැකකාර මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවසේ නැවතී සිටින මව හා පියා ඔහුගේ ඉල්ලීමට අනුව කුඹුර නීත්‍යානුකූලව පවරා දීමට අදිමදි කිරීම මෙම සිද්ධියට හේතු වී තිබෙන බව කියති.

කෙසේ වෙතත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා ඔහුගේ සහෝදරයා වැලිගම මූලස්ථාන පොලීසිය හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයාගේ පවුලේ සමීපතමයින් කීහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු නීරෝධායනයට යොමු කර සිටීම අත්අඩංගුවටගැනීම ප්‍රමාදවී තිබෙන බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් නීරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත්කීය.



අදහස් (14)

කුඹුර ඉල්ලා මව-පියට ගැසූ ප්‍ර.සභා මන්ත්‍රී පුතා

[email protected] Monday, 20 September 2021 11:43 AM

පොදු ජන පෙරමුණේ නේ .උන් ගැන අහන්න දෙයක් නෑ .අම්මා අප්පා මරලා හරි ඕනි සල්ලි .ලොක්කෝ කරන විදිහට තමයි පොඩි එවුන් කරන්නෙත්

:       4       46

RaveendraMonday, 20 September 2021 12:26 PM

අද පෝය දිනයේදී අපට මෙසේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම එක අතකින් කනගාටුවකි. කෙසේ වෙතත් ඔබ හිතනවාද පොදුජන පෙරමුණේ විතරයි මෙවැනි "කාලකන්නි බල්ලන්" සිටින්නේ අනෙකුත් නම්බුකාර යයි තමන්ම කියාගන්නා පක්ෂවල සිටින්නේ සත්ගුණවත් සුපින්වතුන් යයි ??? එය විහිළුවකි. අප දකින්නේ සෑම පක්ෂයකම දේශපාලුවන් යනු පාදඩ කාලකන්නි ලෙසය.පෝය දිනදීවත් ඇත්ත ඇති සැටියෙන් දැකීමට උත්සහ කරමු.අප කිනම් හෝ පක්ෂයකට ගැති වෙනවා යනු අප "අපගේ මාතෘබුමියට කරන පරම හතුරුකමකි".

:       20       16

kumaMonday, 20 September 2021 01:12 PM

රවින්ද්‍ර ඔබ පොදු පෙරමුණේ වහල් සේවය නියෝජනය කරනවා කියා අපි දන්නවා. අනිත් පක්ෂවලත් මේ වගේ කට්ටිය ඉන්නවා. එ්ත් පොදු පෙරමුණේ හැමෝම මේ වගේ...

:       5       21

RaveendraMonday, 20 September 2021 02:54 PM

කුමා මයා වෙත... අප නම් කිසිඳු පෙරමුණකවත් වහලුන් නොවෙන අතර අප වෙනත් රටවල වහලුන් ලෙස සේවය කරන්නෝය. එලෙසම අපට නම් "මොන මලයකා" බලයේ හිටියත් අදාලම නැත. ඒ හැම "කෙනෙක්ම" සැප විඳින්නේ අපේ ඒ වහල් සේවයෙන් ලැබෙන මුදලින් බවද නොබියව සඳහන් කරන්නෙමු. කරුණු එසේ හෙයින් ඔබ වන්දනාමාන කරන රනිල් ඇම්ඩන් හෝ දියව් දියව් කුමාර හෝ උගත් පුතාණෝ ඔබට වැදගත් ඇති අපට නම් "දියවන්නාව පට්ටියේ 225ම සතේකට වැදගත් නැත". එනමුත් කව්රුන් හොඳ දෙයක් කරන්නේද අපගේ මව්බිම එය අප නිහතමානිව අගය කරන්නෝය...

:       8       6

Senarath Monday, 20 September 2021 11:45 AM

අජා සත්ත පුතෙක් .මෙහෙව් නරුමයන්ට චන්දෙ දීලා ඉහලට යවන ජනතාව දැන්වත් හිතන්න .ඉහලට යන්න යන්න මොවුන්ගේ මුදල් තන්හාව වැඩිවෙනවා .බොහෝවිට තව ලොකු කුඩු ජාවාරම් කාරයෙක් වෙන්න පුළුවන්

:       0       39

පැරකුම් Monday, 20 September 2021 12:16 PM

දැන්ම ඉදං කැන්වසිං පටන්ගමු. ලබන චන්දෙනුත් කොහොමහරි දිනවන්න…!

:       0       29

SL Monday, 20 September 2021 12:21 PM

හිරේ ඉන්න අය පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා, පළාත් සභා, විදේශ තානාපති සේවයේ යෙදවීම දේශප්‍රේමී, දේශ හිතෛෂී, ප්‍රගතිශීලී, රටට ආදරය කරන, බාර් හිමි සද්ගුණවත් පක්ෂ නායක, නායකයින් ගේ විනෝදාංශය. රෙස්පෙට් සර්, රෙස්පෙක්ට් සජිත්, රෙස්පෙක්ට් සාටක අන්කල්, රෙස්පෙට් රනිල්... දැනට චෝදනා අඩුම මේ වනතෙක් රජයක් පිහිටුවලා නැති ජවිපයට... එන්න කලින් එයාලටත් රෙස්පෙක්ට්..!!

:       1       19

Kule Monday, 20 September 2021 12:39 PM

මොහොතක් සිතන්න මේ දේශපාලනය තුලින් මේ වැන්නකු රටේ නායකයා වුනොත් කොහොම වෙයිද.?

:       0       17

fairoos Monday, 20 September 2021 12:43 PM

හෙට අනිද්දා ඇප පිට නිදහස් වෙයි, එච්චරයි.

:       0       17

අබිලින් Monday, 20 September 2021 06:01 PM

පොලිස් ඇප මත සමථ මණ්ඩලය වෙත යොමුකරයි...

:       0       4

ශිරන්ති Monday, 20 September 2021 01:22 PM

මොනව වුණත් අපි මේ වගේ දේවල් කරේ නෑ. අපේ දෙමාපියන් වෙනුවෙන් සොහොනකුත් සුපිරියටම හැදුවා. මෙයා අපේ පක්ෂේ වුණාට ගැලපෙන්නේ වියත් මඟට..

:       1       10

Chandra Monday, 20 September 2021 01:28 PM

සාගර කාරියවසම් මහලේකම්තුමනි, දැන් ඇත්තේ ඔබේ අවංක කාර්යභාරයයි.

:       2       10

සමන්Monday, 20 September 2021 06:45 PM

පිස්සුද? සාගර කට අරින්නේ නෑ මේකට. ඇවිත් අල්ලන් ගැහුවොත් එහෙම... එයා ලියුම් ලියන්නේ, මාධ්‍ය සාකච්ඡා තියන්නේ ගම්මන්පිල, ජගත් කුමාර වගේ යාන්තම් හරි හැදියාවක් තියෙන අයට විතරයි. ඒ අය ගහන්නේ නෑනේ. මේකත් වැඩිම වුණොත් පිස්තෝල ඇමැති ගැන වගේ සුදුසු පියවරක් ගන්නවා කියාවි. ඒ අස්සේ අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල සෙල්ලම් කරලා පස්සේ බම්බලපිටියේ ඊයේ, පෙරේදා සෙල්ලම් දාපු එක්කෙනා මතක් වුණා. එයා ගැනත් සාගර කතා නෑනේ... එහෙම නැත්නම් වාඩිවෙලා ලියුම් ලියනවා ඇති ගුටි නොකා බේරෙන්නේ කොහොමද කියලා හිතන ගමන්...

:       1       6

kapila Monday, 20 September 2021 01:47 PM

මේ කතාව අසන විටම මට හිතුණා මේ ඉන්නේ පොහොට්ටුවේ එකෙක් කියලා. මම එහෙම කියන්නේ අත්දකීම් තුළින්. ගිය සතියේම කී දෙනෙක් පිස්සු කෙළියද?

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site