(දසුන් රාජපක්ෂ)
දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සැප්තැම්බර් 3 වැනිදා පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට අද (31) නියෝග කළේය.

සභාපතිවරයා විසින් මෙම නියෝගය කර සිටියේ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කළ පැමිණිල්ල යළි විභාගයට ගත් අවස්ථාවේදීය.
පොලිස් කොමිෂන් සභාව ලලිත් ජයසිංහ මහතාගේ සේවය යළි ස්ථාපනය නොකිරීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට කොමිසම හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස සභාපතිවරයා දන්වා සිටියේය.
COMMENTS
මුහුණ දැක්කාම කොහොම කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්.