
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම සහ එම තනතුරට වෙනත් පුද්ගලයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා වාරණ නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පී.වීරසිංහ, හිටපු ලේකම් ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට එරෙහිව එම වාරණ නියෝගයක් නිකුත් කළේය.
එම පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට එරෙහිව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.
එම වාරණ නියෝගය ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබ ඇත.
එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට දන්වමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පී.වීරසිංහ, හිටපු ලේකම් ඩිව් ගුණසේකර ඇතුළු මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නොතීසි ද නිකුත් කළේය.
ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ව ඉවත් කිරීමට කටයුතු කළ බවත් , එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පැමිණිලිකාර රාජා කොල්ලුරේ මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටියි.
COMMENTS