
(ඩයනා උදයංගනී)
වැස්සේ යම් අඩුවීමක් ඇති අතර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද (20) දිනයේත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd