IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කම්කරු වන්දි මුදල ලක්ෂ 20 දක්වා වැඩි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කම්කරුවන්ට අනතුරුවලදී ගෙවන උපරිම වන්දි මුදල රුපියල්  ලක්ෂ 20 දක්වා ඉහළට  දැමීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා ප්‍රතිපාදන සැලසෙන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පෙරේදා (23) හිමිවිය.

කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය  පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා රැස්විය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර සහ වෛද්‍ය ගයාෂාන් නවනන්ද  යන මහත්වරුද සහභාගි වූහ.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී  දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය රුපියල් පන්ලක්ෂ පනස් පන්  දහසකි.

එසේම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදනය , රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කර අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද  මේ හරහා සිදුවන බව කම්කරු අමාත්‍යාංශයේ   නිලධාරීහු  මෙහිදී පෙන්වා දුන්හ.

තවද වන්දි ගෙවීම ප්‍රමාද වීමේදී  අයකරන අධිභාරයන් සියයට 30 දක්වා වැඩි කිරීම ඇතුළු සංශෝධන කිහිපයක්ද මේ පනත මගින් සිදු කෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා කිහිපයක් සළකා බැලීමද මෙහිදී සිදුවිය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර සහ වෛද්‍ය ගයාෂාන් නවනන්ද  කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරුන්  ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (0)

කම්කරු වන්දි මුදල ලක්ෂ 20 දක්වා වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site