ඇෆ්ගන්ස්ථානයේ කාබුල් නුවරදී මරාගෙන මැරෙන කාර් බෝම්බ කරුවෙක්  එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇත. 

 

තවත් සෙබළු 6 දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු  සඳහන් කළේය.

 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් මෙතෙක් අනාවරණය වී නැත. 

 

 

(63226 )