(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ පිරිසක් හෙට (20) පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (19) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
එහිදී අදහස දක්වා ඇති ජනාධිපතිවරයා ඇමැතිධූර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ලැබී ඇති බවත් එහෙත් ඇමැති මණ්ඩලය 30කට වඩා වැඩි කළ නොහැකි බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතැළු එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
COMMENTS
මහින්ද විපක්ෂ නායක නොවේ.
ඔය දිවුරුමේදී ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි කියන තැනට කලින් මහජන මුදල් හොරකම් කිරීම මගේ සහ පවුලේ අවශ්‍යතා වලට සීමා කරන බවටද, කොමිස් ගැසිම 10% ඉක්මවා නොකරන බවටද කියල කොටසක් එකතු කරන්න බැරිද? අපට ඔක්කොම නැතිකරන්න බැහැ නොවැ.
අනේ ඔය කැබිනට් ඇමතිලා අපි වෙනුවෙ නේද මේ කරදර වෙන්නේ?