IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාබනික පොහොර හදන්න මහ සඟරුවනත් වඩිති

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් වලව්වත්ත ගොවිපල භූමියේදී අද පැවැත්විණි.

බාදුරාගොඩ මහසෙන් ගොවි සංවිධානය සංවිධාන කළ වැඩසටහනට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ ද එක් වූහ.

කෘෂිකර්ම නිලධාරීන්  ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් මෙහිදී කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය. මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමියෝ මෙහිදී පැලයක් සිටුවා ජාතික කර්ත්‍යවයක ආරම්භක අවස්ථාව සනිටුහන් කරනු ලැබීය.

 



අදහස් (7)

කාබනික පොහොර හදන්න මහ සඟරුවනත් වඩිති

ගමරාල Sunday, 11 July 2021 05:18 PM

මගේ නෝනත් වසර දෙකකට පෙර කොන්ක්‍රිට් ටැංකියක් සාදවාගෙන කොම්පෝස්ට් හදන්න ගත්තා. මෑතකදී මම දැක්කා එයින් යම් දියරයක් වැක්කෙරෙනවා.මම එය අරගෙන වැටකොළු වැලකට වත්කලා.වැල නම් හොදින් වැඩෙන්න ගත්තා තවම ප්‍රමානවත් ලෙසට අස්වැන්ක ගන්න බැරිවුනා

:       0       2

සෙනෙවිරත්න Sunday, 11 July 2021 05:33 PM

රජරට, නැගෙනහිර, දකු⁣ණේ විශාල කෙත් යායවල්වලට ඔහොම සෙල්ලම් වැඩ වලින් හදන පොහොර ඇතිවෙයිද? කඳුකරයේ, මැදරට දකුණේ තේ වලට ඇති වෙයිද? ඕවායේ ප්‍රමිතිය බලන්නේ කොහොමද? පාටින්ද? වැඩි දියුණු කළ වී වර්ග, වී පී වරගයේ තේ වලට ඕවා හරියයිද? ඕක අඛණ්ඩවම කරන්න ප්‍රමාණවත් අමුද්‍රව්‍යයන් සැමදා තිබෙනවද? සුපර්මාකට්වල තිිබෙන කාබනික එළවළු ගානට ගන්න අසරන මිනිස්සුන්ට හැකිවෙයිද? අනේ හාමුදුරුවනේ රටම සාගතයක ඇදලදාන කටයුතු වලට හවුල් වෙන්න එපා, රාජපක්ෂවරුනට තවත් රටවල් තිබෙනවා..

:       2022       1647

ඉන්දික තිලකරත්න Monday, 12 July 2021 10:25 PM

මෙ රට අපි හැමෝගෙම මමත් කාබනික පොහොර නිශ්පාදනය කිරීම ව්‍යාපාරයක් විදියට ආරම්භ කරා ගමේ අයගෙන් තණකොළ මිලදී ගන්නවා දැන් අපේ ගමේ තණකොළ වලටත් මිලක් තියෙනවා කොහොමද රාජපක්ශවරුන්ගෙ වැඩ

:       0       0

Gamini Monday, 12 July 2021 08:44 AM

අවසානයේ මෙය නිර්මාංශිකයින්, ග්ලූටන් රහිත සහ සීනි රහිත තවත් සම්මත විලාසිතාවක් බවට පත්වනු ඇත. මේ සියල්ල එක්තරා කණ්ඩායම් වලට හොඳයි, නමුත් ජනතාවට නොවේ. කනගාටුවට කරුණක් නම්, මෙම සැලසුම් රහිත කාබනික තල්ලුව නිසා සිය දහස් ගණන් මිනිසුන්ගේ ජීවනෝපාය, ආදායම, හරිතාගාර සඳහා වැය කළ ප්‍රාග්ධනය සහ නව භෝග වගාවන් සඳහා වැය වේ. කුසගින්නෙන් පෙළෙන රෝග වලින් බොහෝ දෙනෙක් මිය යති.

:       0       0

E m wijeyekoon Monday, 12 July 2021 09:29 AM

මේ බණ නොවේ .ස්වාමීන්වහන්සේලා වැඩවසන්න ඕන පන්සලේ

:       0       0

මහජනතාව Monday, 12 July 2021 09:53 AM

ඇතැම් භික්ෂූන් මෙවැනි දේට ඉදිරිපත් වෙන්නේ ආර්ථිකමය සහ වෙනත් ප්‍රථිලාභ පතාගෙනයි..

:       0       0

බද්රානි Monday, 12 July 2021 01:17 PM

නයි නටවන්න හපන් කැලණිය පැත්තේ අය මේ මව් බිමට පොහොර දැමීම නම් නියමෙට කරනවා. ඒකනේ පොහොර දාන දාන තැන්වල පොහොට්ටුම පිපෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13344 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10965 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 66 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site