
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කාබනික පොහොර තීන්දුව ආපස්සට හැරවීම සඳහා විශාල ආයෝජනයක් කරමින් ලොකු කුමන්ත්‍රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
කාබනික පොහොරවලට එරෙහි කුමන්ත්‍රණය පිටුපස සිදුවූ දුරකතන සංවාද මෙන්ම සමහරුන්ගේ බැංකු ගිණුම්වලට එන මුදල් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සඳහා තමාට කෙටි කාලයක් ලබාදෙන ලෙස ඔහු මෙහිදී ඉල්ලීමක් කළේය.
රසායනික පොහොර මේ ලෝකයේ දෙවැනි මාෆියාව යැයිද ඔහු කීවේය.
කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජය ගොවියා ඉල්ලූ පොහොර ටික ලබා දුන් බවත් රටේ කෘෂිකර්මාන්තය කඩාවැටීමට රජය කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අලුත්ගමගේ මහතා කීවේය.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන බවද ඔහු පැවසුවේය.
ආනයනය කෙරෙන පොහොර සම්බන්ධයෙන් භූතයකු මවමින් සිටින බව පැවසූ හෙතෙම ආනයනය කෙරෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය බාර ගන්නා බවද සඳහන් කළේය.
චීන පොහොර නැව ආපසු හරවා යැවුවේ එය නියමිත ක්‍රමවේදයට අනුව නොපැමිණි නිසා බවද ඇමැතිවරයා පැවසුවේය.
ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා යැයි පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම තීරණය සමහරුන් වැරදි ආකාරයට තේරුම් ගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන පොහොර නැව ආපසු හරවා යැවුවේ බේරුවල මුහුදු සීමාවටද? ගොං කතා.
රසායනික පොහොර වලින් විතරද වස එකතු වෙන්නේ ? ඇයි පලිබෝධනාෂක වලින් විටමින් ,ප්‍රෝටීන් එකතු වෙනවද ?නොහැකියාව වහගන්න බොරු බයිලා කියන්නම හැදිච්ච කටක් මෙයාට තියෙන්නේ. චන්දෙදී කියන බේගල්ම තමයි තවම ඇද බාන්නේ .අහරේ වෙන්න තියන දේවල් රටට වෙලා ඉවරයි
රසායනික පොහොර ගස්වලට දාන්න බැරි වුණොත් ඔය කොම්පැනි ඕව කෑමට හරි දාල එවනවා අපිට කන්න.... මිනිස්සු කිරිපිටි බොන එක අඩු වුණාම යෝගට් හදල එවනව වගේ..
අනේ මෙහෙමත් ඇමතියෙක් ?හැම එකක්ම අනුන්ගේ කරට දාලා ලිස්සා යනවා
මොනව කිව්වත් වැඩක් නෑ. අනාගත්ත රජු සහ නුවනක්කාර ඇමති ෆේල්. කයිය පැත්තකට දාල පොහොර දෙන්න. ලෝකයේ පූර්ණ කාබනික වගාව 0.5% වඩා නැත. අස්වැන්න අඩුයි. රෝග වැඩියි.
මේ ඇමති තුමන්ගේ වික්‍රම වල ප්‍රතිපල ලැබෙන්න තව මාස තුන හතරක් යයි
රටේ මිනිස්සුන්ට දැන් බඩගින්නෙ ඉන්න වෙන්නෙත් කොහෙ හරි කුමන්ත්‍රණ නිසා කියලා කියන එක පරණ සිංදුවක්නෙ. අපරාදෙ ත්‍රස්තවාදි , විදුලි පුටු , බැදුම්කර ගැන කථා අඩු වුණේ. නැතිනම් මේ අය පුදුම නාට්‍යය තේමානෙ රග දක්වන්නෙ. මොකද හරි අධ්‍යාපනයක්වත් ලැබිල නෑ සැබෑ ඉලක්ක සපුරා පෙන්වන්න.
මේ වැඩ හින්දා දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාවයි. අපේ ටනල් ගහලා එළවළු, පලතුරු වවලා අපනයනය කරපු ටික අනාථවෙලා ඉන්නේ....