IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කාබනික පෙහොර ආනයනය

(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ  )

මෙරටට කාබනික පෙහොර ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට  අභියාචනාධිකරණය අද (25) නියම කලේය.  

සෝභිත රාජකරුණා සහ  ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව හදිසි නඩුකරයක් සේ සලකා එය කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස නියම කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ  හා එහි විධායක අධ්‍යක්ෂක  පී.කේ.දිලේනා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා , කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මගින් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

''පසුගිය අප්‍රෙල් 29 වැනි දින ජනාධිපතිවරයා ගේ උපදෙස් මත මෙරටට රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කරන බව අමාත්‍ය මණ්ඩලය දැනුම් දෙන ලදී. තවද සෞභාග්‍යයේ දැක්ම නැමැති වත්මන් රජයේ ආර්ථික දර්ශනය අනුව කාබනික පොහොර භාවිතයට අවසර ලබා දී ඇත.

තත්ත්වය මෙසේ තිබියදී , නොබෝදා රජය මෙරටට කාබනික පොහොර ආනයනයට තීරණය කළේය.

කුවන්ඩෝ නැමැති චීන සමාගමෙන් මෙරටට කාබනික පොහොර ටොන් 96,000 ක් මෙරටට ලබා දී ඇත.ඉදිරියේදී මුහුදු වල් පැළැටි වලින් නිර්මාණය කරන කාබනික පොහොර ලංකාවට දිගටම ලබා දෙන බවට මෙම සමාගම බලධාරීන්ට පොරොන්දු වී ඇත.මෙම කුවන්ඩා චීන සමාගමෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර පරීක්ෂා කිරීමේදී හානි කර ක්ෂුද්‍ර ජීවින් ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව මෙරටට චීන කාබනික පොහොර දිගටම ආනයනය කිරීමට අවසර ලබා දුන්හොත් මෙරට කෘෂි කර්මාන්තය මහත් ව්‍යවසනයකට ලක්වන බව කෘෂි විද්‍යාඥයෝ කියා සිටිති.

කෙසේ නමුත් , චීනයේ සිට මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම නවත්වා නොමැති අතර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොර ආනයනය කළ කුවන්ඩෝ චීන සමාගමේ පොහොර ගෙන ඒම පමණක් තහනම් කර ඇත.

මීට අමතරව මෙරට නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රමාණවත්ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදී , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම සදහා සමාගම් දෙකකට අවසර දී තිබේ.

තවද ඉන්දියාවේ සිට කාබනික පොහොර ආනයනය කරන බවටද රජය ඉකුත්දා නිවේදනය කර ඇත.

කෙසේ නමුත් මෙරට ප්‍රධන පෙලේ පාංශු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ , ආනයනය කළ කළ කාබනික පොහොර හේතුවෙන් මෙරට ආහාර ආරක්ෂාවට ඉදිරියේදී විශාල බලපෑමක් ඇතිවිය හැකි බවයි.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු මෙරටට කාබනික පොහොර ගෙන්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට කාබනික පොහොර ගෙන්වීමට රජය ගත් තීරණය වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , මෙරටට නීතිවිරෝධි ලෙස කාබනික පොහොර ගෙන්වීම වළක්වලන පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියෝග කරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , කාබනික පොහොර මෙරටදී නිෂ්පාදනය කිරීමේ සුදුසු යාන්ත්‍රණයක් ලංකාවේ පිහිටුවීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , ජාතික පාරිසරික පනතේ විධි විධානයන් උල්ලංඝනය කරමින් කාබනික පොහොර ලංකාවට ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස්පතිවරයාට පියවර ගන්නා ලෙසට බල කරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය  සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ  රවීන්ද්‍රනාත් දාබරේ මහතා    පෙනී සිටියේය. 

නීතිපතිවරයා  වෙනුවෙන් රජයේ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා  පෙනී සිටියේය.



අදහස් (0)

කාබනික පෙහොර ආනයනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 380 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site