(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක් අධික ජන ඝනත්වයක් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිතව පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීන්ට අද (20)නියෝග කළේය.
එසේම ගෑස් බෙදා හැරීමට අදාල නිවැරදි තොරතුරු වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන යෙදවුමක පළ කිරීමටත්, විසිහතර පැය පුරා ක්ෂණික ඇමතුම් අංක හරහා තොරතුරු ලබා දීමටත් කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා පියවර ගැනීමටත් නිර්දේශ කළේය.
කෝප් කමිටුව හි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්විය.
ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සාකච්ඡා විය. මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවනු ලැබූහ.
ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන ඇ.ඩො. මිලියන 120 න් ඉදිරි මාස තුනේදී ගෑස් සැපයුම ලබා දිය හැකි බවද මෙහිදී අනාවරණය කෙරිණ.
අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට ඉදිරි සතියේ දී ගෑස් බෙදා හරින ලෙසටද කමිටුව උපදෙස් දුන්නේය.
ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් දෙකෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
අයහපත් කාලගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බව පැවසූ සභාපතිවරයා ඒ හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බවද සඳහන් කළේය
එහෙත් නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩ බෑමට ඉදිරියේදී හැකිවනු ඇති බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
හැකිතාක් කඩිනමින් ගෑස් බෙදා හැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්
ධම්මිකා දෙල්ගොඩ Friday, 20 May 2022 07:57 PM
එතකොට ලාෆ් ගෑස් සමාගමට මොකද කරන්නේ... ඇයි ඔවුන් ගැන නොසොයා ඉන්නේ..?