(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .
සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු පොත හරහා අපහාස කළ බව කියන දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකින් මුහුණු පොත අවභාවිතාවේ යෙදෙන අයට හොඳ වැඩේ. ඕන කුණුහරුපයක්, අපහාස කිරීමක් හිරිකිතයකින් තොරව සමහරු කරනවා. එය නැවැත්විය යුතුයි.
අර රත්තරන් එල්ලගෙන ඉන්න කපුවා ද දන්නේ නෑ.
මුහුණුපොතේ ඒ වැඩේ කරපු අයට කපු මහත්තයා දුන්නු දඬුවම හොඳයි.
රටේ පාලකයා මිථ්‍යාව අදහමින්, එය සමාජගත කරන විට, එය රට වැසියාට එය පරමාදර්ශයක්, සංස්කෘතියක් සහ නීතියක් ද වන්නේය.. අද රටේ කට්ටඬියන්, හදි-හුනියන් කාරයින්, මිථ්‍යාව පතුරන්නන් ඉතාම බලවත්ය..!!! මෙය පුදුම විය යුතු දෙයක් නොවේ.. හෙට දින මෙවැනි දේ බොහෝ සිදුවිය හැක...
ලංකා ජාත්‍යන්තරයටත් ගිහිල්ලා තමයි නවතින්නේ...
මේවා දකිනකොට නම් හිටපු මෛත්‍රී ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි.
ඕක මොකක්ද? කණට පරාල ඇණ ගහපු අය පාර්ලිමේන්තුවේත් ඉන්නේ...
ළඟදීම ඔබතුමන්ලාගේ ආණ්ඩුවත් මහ ජනයා අැණ ගසාවි...
ඕවා මොනවද ? ඔයිටත් වඩා එහා ගිය අන්ත වැඩ කරපු අය අද නිදහසේ ඉන්නේ ?
කපුවා කපෝති කරන්ඩ කවුරුවත් හිටියේ නැහැනේ.
මිථ්‍යා විශ්වාස පදනම් කරගත් සියලු ස්ථාන තහනම් කළ යුතුයි. පහුගිය දවසක් ගැහැණු ළමයෙක් මරා දැමීමේ සිද්ධියක් වාර්තා වුණා. ඔය හන්දියක් හන්දියක් ගානේ තියෙන පේන කියන තැන්, නැකැත් බලන තැන්, හූනියම් කරන තැන් පනතක් ගෙනැල්ලා හරි තහනම් කළොත් හැමෝටම හොඳක් වෙයි...
නීතිය ක්ර්‍යාත්මක විය යුතුමය. අපහාස ඉවසිය නොහැකි කපුවන්ගෙන් ඇති ඵල කිම ?
පාර්ලිමේන්තු කතානායකගේ ඉන්දියන් අනුග්‍රහය දක්වපු ධම්මික පැණි වෙදාත් දොස්තර කෙනෙකුට ගැහුවලු නේද? ඒකට මොකද කළේ..?