
(සුජිත් හේවාජුලිගේ )
මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ආනන්ද හිමියන් අතින් උපාධි සහතිකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්
අප කළ විමසුමකදීය.
තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවද උන්වහන්සේ කීහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 17 18 සහ 19 (පෙරේදා) පැවැත්වුණු අතර මේ සිද්ධිය ඇතිවූයේ එහි එක් අවස්ථාවකදීය.
COMMENTS
හොඳ සිංහයෝ තමාට කෑමට සුදුසු නැති දේ ප්‍රතික්ෂේප කරති.
ඒකනේ අර දරුවො තමුන් අතින් උපාධි සහතික ගත්තෙ නැත්තෙ
පුන්නක්කු කාලා පුරුදු අයට තණකොළ කන්න බෑ තමයි. මෙයාලාට නොමිලේ ඔක්කෝම ලැබෙන නිසා හොඳයි...
සම්පූර්ණ ඇත්ත. එ්කනේ අපි කාගෙන් හරි ණයක් ඉල්ලන්න යන්නෙත් බෙන්ස් කාර් එකේ...!!!
සිංහයෝ නම් තණකොළ නොබුදිති. නමුත් තව නොබෝ දිනකින් සිංහලයාට නම් තණකොළ කන්න වෙන බව ඒකාන්තයෙන්ම දනිමි...
උරුලෑවා රත්තරන්වලින් පිරෙව්වත් උගේ ගඳ නැතිවෙන්නේ නැහැ...
හරියට හරි ,ඒ වගේම උගතුන්ගේ බුද්ධිය හා දැනුම ලෙවකන්නන් විසින් පහත දැමීමද සිංහයින්ට තණකොළ කෑමට පුරුදු කරනවා වගේ වැඩකි
සිංහයෝ තණකොළ නොකැවට තණකොළ කන අතරේ තමන් සිංහයෙක් කියල හිතාගෙන සමහරක් ඉන්න එකනේ පුදුමේ අපේ හාමුදුරුවනේ.
‘‘නාහං, භික්ඛවෙ, සංඝාටිකස්ස සංඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි" “මහණෙනි, සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිව්රු දැරීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි" මජ්ඣිම නිකාය - චූල අස්සපුර සූත්‍රය
කොහෙද දැන් සිංහයෝ ඉන්නේ .හැම තැනම ඉන්නේ නරි නේ
අයිතිය කෙසේ වෙතත් වැඩිහිටියෙක් වශයෙන් මේ ළමයින්ගෙ හැසිරීම ගැන සතුටුවෙන්න බැහැ. මෙයට වඩා ප්‍රතික්ෂේප කළයුතු බොහොමයක් දේවල් මේ රටේ තියෙනව.
ඔහොම කියාගෙන ආපු වැඩකරන අපේ විරුවාත් දැන් නොන්ජල් ගානට වැටිලයි ඉන්නේ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ටද සිංහයින් කියලා කිව්වේ? සහතික ඇත්ත...
ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩියෙන් ලොකුලු,විශ්ව විද්‍යාල වැනි වැදගත් ස්ථාන වලට දේශපාලන හෙන්චයියන් පත් කිරීම ඉතාම පිළිකුල් සහගතයි
සර් ටත් කවදා හරි ඕකම තමයි වෙන්නේ
බල්ලොනම් තනකොලයි පුන්නක්කුයි විතරක් නෙමෙයි අසූචිත් බුදිනවා අපි දැකලා තියෙනවා.
ලොම් හැලිච්ච සමහර නරිත් හිතාගෙන ඉන්නේ උන් සිංහයෝ කියලනේ, අන්න ඒකයි අපට තියන ගැටලුව. මොනා උනත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරවය රැකපු ඒ උගත් නිර්භීත සිසුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය!!
වෛරයෙන් වෛරය නොසන්සිඳේ.
සිංහයෝ නැති උනාට සමහර අය තනතුරක් දුන්නම ඕනෑම දෙයක් කරනවා.
ඒ ඉතින් සිංහයෝනේ. සිංහයෝ කියල හිතාගෙන ඉන්න මී හරක් කන්නෙම තණකොළමනේ. වැඩේ හරිහැටි තෙරුන් ගිහින් නැතුවා වගෙයි පෙනෙන්නේ.
අපගේ රට බේරාගන්නට කැලණි නයාගේ ආශීර්වාදයෙන් පැමිනි දියසෙන් කුමාරයා සුදුස්සාට සුදුසු තැන දීම මෙයින්ම පෙනීයයි.
දේශපාලන වසුරුවලට වඩා තණකොල හොදයි
මේ අදහස් ටික බැලුවානම් කාට කාටත් හොඳයි මම හිතන්නේ.
පැරණි කියමනක් තිබුනා කුසගිනි තිබුනට ඉදුල් නොකව් කියලා