IMG-LOGO

කප්පම්කරු පහරකා රෝහලේ - වෙළෙඳසල් හිමියත් පුතාත් අත්අඩංගුවට

ඩී.ජී.සුගතපාල
 
ගාල්ල නගරයේ වෙළඳ සලකින් කප්පම් ගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළඳසල් හිමියාගේ පහරකැමට ලක්ව   තුවාල ලබා මීට ටික වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

 
මාගාල්ල ප්‍රදේශයේ පිදිචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ක්ප්පම්කරු පිහියක් රැගෙන විත් වෙළඳසල් හිමියාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ  වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා   කප්පම්කරුට  පහරදි ඇත.
 
වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (21)

කප්පම්කරු පහරකා රෝහලේ - වෙළෙඳසල් හිමියත් පුතාත් අත්අඩංගුවට

Amila Tuesday, 26 February 2019 12:40 PM

මරු වැඩනේ දැන් පොලීසියේ අය කරන්නෙ. එයාලත් සම්බන්ද දන්නේ නෑනේ කප්පම් ගන්න? අර ව්‍යාපාරිකයෝ දෙන්නා මැරුවෙත් පොලිසියේ අයමනේ. මාධ්‍ය මහත්වරුනේ පොඩ්ඩක් හොයලා බලන්න

:       1       593

tommy Tuesday, 26 February 2019 01:04 PM

තමන්ගේ දෙයක් කොල්ල කන්ට පැමිණි විට, මංකොල්ල කරුට පහර දීමේ වරදට වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇත. අපොයි ලංකාවේ නීතියට ගිය කල!

:       1       513

ජයන්ත මිලානෝ Tuesday, 26 February 2019 01:24 PM

පොලිසියෙ මෙම ක්‍රියාව අගය කල යුතුයි. මෙමගින් මංකොල්ලකරුවන්ගේ ජීවිත හානි අවම කරගත හැටි අතර ඔවුන්ට නිදහසේ කප්පම් ව්‍යාපාර කරගෙන යාහැකිය.

:       1       191

kule Tuesday, 26 February 2019 01:42 PM

මේ සිද්ධියෙදී වාර්තාව කියවලා නිගමනයකට එන්න නොහැකියි. මන්ද වෙළද සැල තුල සිදුවූ බහින් බස් වීමකදී පහර දී පළිගැනීමේ චේතනාවෙන් පොලීසියට එලෙස පැමිණිලි කරාද දන්නෙත් නෑ නීතියේ හැටියට කාටවත් පහරදීමට කිසි කෙනෙකුට අයිතියක් නොමැති නිසා තීරණය අධිකරණයට බාරකරමු

:       103       26

tommyTuesday, 26 February 2019 05:46 PM

ඒ කොහේ තියෙන නීතියක්ද?

:       0       49

BamunuarachchiWednesday, 27 February 2019 12:38 AM

මම ඔබ සමග එකඟයි. මේ සම්බන්දව මා කියවා ඇති නීතිමය අදහසක් ලියා ඇත

:       1       1

vipulaWednesday, 27 February 2019 06:23 AM

හරියට කියවල අදහස් දාන්න. කඩේට ඇවිත් තියෙන්නේ පිහියක් එක්ක.

:       0       1

සිරිබිරිස් Tuesday, 26 February 2019 01:59 PM

මෙය අනාගතයේ පූර්වාදර්ශයක් නොවේවා. එහෙම වුනොත් රටම විනාස වේවි

:       0       62

saman Tuesday, 26 February 2019 02:08 PM

කප්පම්කාරයා පොලිසියෙ කෙනෙක් වෙන්න ඇති.

:       0       163

සෙනෙවි Tuesday, 26 February 2019 02:19 PM

කප්පම් ගන්න රත්ගම මිනී දෙකක් මරපු පොලීසියට මේව සුළු වැඩ

:       0       125

මැට්ටා Tuesday, 26 February 2019 02:28 PM

එතකොට ආත්මාරක්ෂාව පිළිබඳ නීතියට මොකද වෙන්නේ මහත්තයෝ? දන්නෙ නැති නිසයි ඇහුවේ.

:       0       113

Bamunuarachchi Tuesday, 26 February 2019 02:49 PM

කප්පම් කරු ඇවිත් තිබෙන්නේ පිහියක් අරගෙන ඉතින් කඩහිමියාට ආත්මාරක්ෂාවට මොනවා කොරන්න බැරිද? පොලිස්සිය කියන්නේ අනේ මල්ලි යං පොලීසියට කියලා එක්කන් නාවේ කියලා. ඒගොල්ලෝ අහිංසක මිනිස්සු මරලා පුච්චලත් දානවා මෙතන අපිව මරන්න ආව මිනිහාට ගැහැව්වා කියලා කඩහිමියාව හිර කරනවා.

:       1       212

BamunuarachchiWednesday, 27 February 2019 12:31 AM

හැබැයි පොලිසිය පැත්තෙන් මෙහෙම ප්‍රශ්නය තිබෙනවා කවුරුත් ගහලා තුවාල කල හොරෙක් මංකොල්ල වුවත් පොලිස්සියට බාර ගන්න බැරිය. මොකද ඒ පහරදීමට පොලිසිය වගකිව යුතු නිසා. හොරෙකුට උනත් පහර දීමේ අයිතියක් කිසිවෙකුට නැත. ආත්මාරක්ශාවට පහර දුන්නානම් හෝ මැරුවානම් උසාවියේදී තම නිදහසට කරුණු ඉදිරිපත් කර තීන්දුවක් ලබාගන්න පුළුවන්. ආත්මාරක්ෂාව ඉක්මවා කටයුතු කිරීමට නුපුළුවන. තමන්ව මරන්න පැමිණි කෙනෙකුට ආත්මාරක්ෂාව පිණිස කකුලට වෙඩිතබා බිමවැටී සිටින විට නැවත පපුවට වෙඩිතැබීම ආත්මාරක්ෂාව ඉක්මවා යාමකි එය වරදක් බව මා කියවා ඇත.

:       8       37

BamunuarachchiWednesday, 27 February 2019 04:24 AM

දැන් අහන්න එපා මොන නීති පොතේද තිබෙන්නේ කියලා.

:       0       18

සමන්ත Tuesday, 26 February 2019 04:32 PM

මේක තමා මිනිමැරුම් වලට අත දාන්න එපා කියන්නෙ බේරපු අයට හිරේ යන්න වෙනවා

:       22       73

sarath perth Wednesday, 27 February 2019 12:56 AM

මුදල් අයකැමි ළඟ මිරිස් කුඩු බෝතලයක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ගන්න

:       0       31

sam Wednesday, 27 February 2019 02:57 AM

නියම වැඩේ - එල කිරි කරපු කෙනා - ගහපියව් කප්පම් ගන්න අවොත්

:       0       31

latha Wednesday, 27 February 2019 03:27 AM

සමහර දියුණු රටවල අනවසරයෙන් තම ඉඩමට අතුලුවුනොත් වෙඩි තබන්න පුළුවන්. පහරදෙන්නේ නැතුව ඔලුව අතගාල පොලිසියට එක්ක යන්න වෙන්න ඇති කියන්නේ.

:       0       39

Bamunuarachchi Wednesday, 27 February 2019 04:22 AM

කටාර්වල පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් උපකරණය උඩ ගල්තියාගෙන ඉන්නවා. මම ඇසුවා හේතුව. ඔවුන් කීවා සමහර කටාර් කොල්ලෝ පෙට්‍රල් ගහගෙන සල්ලි නොදී යනවා උන්ට ගහන්න කියලා.

:       0       10

rihan Wednesday, 27 February 2019 05:21 AM

දැන් ඔක්කම කණපිට. වැරදි කලොත් නිදහස්. හොඳ කලොත් ඇතුලෙ.

:       0       0

Asanka Wednesday, 27 February 2019 05:47 AM

මරලම දාන්න තිබ්බේ , කොහොමත් පොලිසියෙන් කඩ හිමියව හිරේ දාන්න කටයුතු කරන එකේ මරලම දාන්න තිබ්බේ කප්පම්කාරයව , හිරේ ඉදන් වත් සැනසෙන්න තිබ්බ මේ අවනීතිය රජකරන රටෙන් එක අපතයෙක් තුරන් කළා කියල,

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 327 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 802 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site