(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

ලී කඳන්  පටවාගෙන කොළඹ දෙසට  ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක්  වස්කඩුව ප්‍රාදේශීය  සභාව  ආසන්නයේදී   අද (12) අලුයම  පෙරැළී යාමෙන් ගාලුපාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි කළුතර-උතුරු පොලිසිය කියයි. 

කන්ටේනර් රථය පෙරැළීමත් සමඟ එහි රියැදුරු සහ සහයක එයින් පිටතට පැන  දිවි බේරාගෙන තිබේ .

කන්ටේනර් රථයේ පිටුපස ටයරයක් පිපිරී යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.