
(අයි ආර් ඉන්දික)
වැල්ලවාය ඇල්ලෙවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මළ සිරුරක් අද උදෑසන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් සොයා ගන්නාලදි.
ඇල්ලවල දිය ඇල්ල නැරඹිමට පැමිණ දියේ ගිලි මියගිය තෙවැනි පුද්ගලයා මෙහු වන අතර මෙසෙ මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි අදුන් ප්‍රිය හෙට්ටිආරච්චි නැමති 38 හැවිරිදි තරුණයෙකි .
යාළුවන් සිව්දෙනකු බදුල්ල ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටින අතරතුර ඇල්ල නැරඹිමට හා දිය නෑමට මෙම ඇල්ලට පැමිණ ඇති අතර එහිදි පිරිස දිය නා ගොඩට පැමිණි පසු මියගිය තරුණයා මේ මගේ තැන යැයි පවසා ආපසු ගොස් තිබේ .
එහිදි මෙම තරුණයා ගිලි ඇති අතර ඒ අවස්ථාවෙ දිය නාමින් සිටි වෙනත් පිරිසක් තරුණයකු දියේ ගිලෙන බව පවසමින් කෑ ගසා තිබේ
ඔහුගෙ මිතුරන් වහා දියට පැන ඔහුව බේරා ගැනිමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ තවත තරුණයෙකුද දියේ ගිලිමට ගොස් ඇති අතර අනුනවයෙන් දිවි බේරාගෙන තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd