(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයකුට හෝ නිලධාරියකුට ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් සේවකයාගේ ආශ්‍රිතයන්ට ද ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
එම ප්‍රතිඵල අනුව දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය අද (28) පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.