ත්‍රිකුණාමලය, කන්නියා උණුවතුර ළිං පිහිටි පුරාවිද්‍යා භූමියේ ඇති පෞරාණික දාගැබ් සංරක්ෂණ කටයුතු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් කඩාවැදීමෙන් ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් තාවකාලිකව නතර කරනු ලැබ ඇත.
ත්‍රිකුණාමලය දිසාපති එස්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රධානීන්ට දුන් උපදෙස් අනුව දාගැබේ සංරක්ෂණ කටයුතු මෙසේ නතර කෙරුණු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාපති එස්.ඒ.ඒ. පුෂ්ප කුමාර මහතා පැවසුවේ ප්‍රදේශයේ පවතින ආරවුල සමනය කිරීමේ මූලික පියවරක් ලෙස දැගැබේ සංරක්ෂණ කටයුතු තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන් බවත් කන්නියා දාගැබේ සංරක්ෂණ කටයුතු ඉතාම ඉක්මනින්ම යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පැවසීය.
යම් කැණීමකින් මතුකර ගන්නා දේ පුරාවිද්‍යා නීතිය අනුව අනිවාර්යෙන්ම සංරක්ෂණය කළ යුතු බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සොයාගෙන ඇති මෙම දාගැබ අනුරාධපුර යුගයට අයත් ඉපැරණි එකකැයිද ප්‍රකාශ කළේය.
තමා මේ ප්‍රදේශයට මෙයට පෙරදී ගොස් සියලු පාර්ශ්වලට පුළුල් කරුණු පැහැදිලි කිරීමක් කළ බවත් එහෙත් යම් යම් පුද්ගලයින්ගේ උසිගැන්වීම් මත මෙවැනි ආරවුල් ඇතිවුණු බවත් මණ්ඩාවල මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ. සුමනදාස මහතා පැවසුවේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් අනුව මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු එම සන්ධානයේ ක්‍රියාකාරිකයන් පිරිසක් ඒ උණුදිය ළිං ආශ්‍රිත ප්‍රදේශයට කඩා වැදීමට උත්සාහ දැරීම හේතුවෙන් එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මේ සිද්ධිය වූයේ ඉකුත් 16 වැනිදාය.
සංරක්ෂණය කෙරෙමින් පැවැති දාගැබ පිහිටි ස්ථානයේ ශිව කෝවිලක් ඇති බව කියමින් මෙම පිරිස දාගැබ් සංරක්ෂණ කටයුතුවලට විරෝධය පළ කළහ.
එස්. යෝගේෂ්වරන් හා එස්. සිරිතරන් දාගැබේ සංරක්ෂණ කටයුතුවලට බාධා කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනායි.
කන්නියා උණුවතුර ළිං ආශ්‍රිතව ඇතිවුණු මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඒ ස්ථානයට පැමිණි ඇතැම් සංචාරකයින්ට ආපසු හැරී යෑමට සිදුවූ අතර එහි ඇතුළුවී සිටි සංචාරකයන්ට පැය කිහිපයක් යනතුරු පිටතට යෑමට නොහැකිවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්වූහ.
ප්‍රදේශයේ ඇතිවුණු මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ හා 221 බල සේනාවේ සෙබළුන්ද සූදානම් කර දැඩි ආරක්ෂාවක් සලසා තිබිණි.
උණුදිය ළිං හා ඒ අවට ඇති පිළිම ගෙය ඇතුළු පෞරාණික ස්ථාන පුරාවිද්‍යා ස්මාරක ලෙස 2011 සැප්තැම්බර් මස 9 වැනිදා නිකුත් කෙරුණු රජයේ ගැසට් පත්‍රයක් මගින්ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.

COMMENTS
දැන් සතුටද?
උතුර නැගෙනහිර ප්‍රදේශවල පවතින පුරාවිද්‍යා බිම් ලේඛන ගතකර, ඡායාරුප ගතකර නිසි අයුරින් ආරක්ෂණ අංශ වෙත භාර කලයුතුය නැතිනම් සෑම තැනම මේවා විනාශ කරනු ඇත. මෙයට අමතරව ස්වෙච්චා සංවිධාන වලට භාර කිරීම් කල හැකිය. වැඩි වැඩියෙන් සංචාරකයින් අප්‍රසිද්ධ ස්ථාන වල ඇති පුරාවිද්‍යා බිම් නරබන්නේ නම් විනාශයන් අවම වේ. වනාන්තර වල ඇති පුරාවිද්‍යා බිම් නැරඹීම සමහරක් සංචාරකයින් වඩාත් කැමැතිවනු ඇත. සංචාරක මණ්ඩලය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව රජයෙන් හෝ පෞද්ගලික අංශ මගින් මේ සඳහා අනුග්‍රාහක පැකේජයන් හදුන්වා දිය හැකිය. මෙයින් අමතර ආදායම්ද ලැබිය හැකිය. වර්ගවාදී කොටස් මේවට මේවාට යොමුවීමට පෙර ක්‍රියා කල යුතුය.
එතකොට දේශපාලකයන්ට රටේ වැදගත් දෙපාර්තමේන්තුවක වැඩ නවත්වන්නත් පුළුවන් .. කාට බයෙන් ද මේ හිගන තීරණ ගන්නේ ? දිසාපති කෙනෙක් කියන්නේ මෙහෙම කොන්දක් නැති තනතුරක්ද ? මේ ටික වෙන මිනිහෙක් කළා නම් මෙහෙම පියවරක් ගන්නවද ??
මහත්තයෝ ඔබතුමන්ලා ඔලුවෙන් හිටගෙන නැහැ කිව්වත්, මේක මේක බෞද්ධ උරුමය තියෙන රටක්.
මේක තමයි මොවුන්ගේ අලුත්ම සෙල්ලම. වත්මන් ආණ්ඩුවේ සංහිඳියාවට උතුරු, නැගෙනහිර අදාල නැති අතර දකුණේ සංහිඳියාව සිංහලයාට පමණි. කොන්ද පණනැති උන් රට පාලනය කරනකොට ඕවා ඔහොම තමයි වෙන්නේ.
කල්මුනෙට වැඩම කලා වගේ රතන හාමුදුරුත් ඥානසාර හාමුදුරුත් මෙතන්ට වැඩම කරලා නැද්ද?
සංහිදියාවක තරම .......
කල්මුනේට වැඩම කරයි අපිත් බලාගෙන ඉන්නේ දිනේ කවදාද කියලා කට්ටියම එන්න.
එදාට අපිත් කලේ සුද්ද කරන්න බලාගෙනම එන්නම් අපේ හාමුදුරුවනේ...