IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ටිකට් පරීක්ෂකවරු 3ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලංගම බස් කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු අද(06) මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
 
නාවලපිටිය ඩිපෝවට අනුයුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරයකු කළ පැමිණිල්ලකට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉකුත් 23 වැනි දින බස් කොන්දොස්තරවරයා සේවය කරමින් සිටි බස් රථය උලපනේ ප්‍රදේශයේදී මෙම ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනා පරීක්ෂා කර ඇති අතර, එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් කිහිපදෙනෙකු ටිකට් නොමැතිව සිට ඇතැයි පොලිසිය කියයි.
 
ඒ සම්බන්ධයෙන් කොන්දොස්තරවරයාට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට නම් රුපියල් 20,000ක මුදලක් එම ටිකට් පරීක්ෂකවරු ඉල්ලා ඇත.
 
එම මුදලින් රුපියල් 12,000ක මුදලක් කොන්දොස්තරවරයා ටිකට් පරීක්ෂකවරුන්ට ලබා දී ඇති අතර ඉතිරි රුපියල් 8,000ක මුදල අද(06) ඔවුන් ලබාගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.
 
සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ටිකට් පරීක්ෂකවරු 3ක් අත්අඩංගුවට

සෙනෙවිරත්න Wednesday, 06 November 2019 10:40 AM

අනේ දුක හිතෙන කතාවක්.., දෙපාර්ශවයටම රකින්න දරුපවුල් ඇතිනේ...

:       0       56

කොන්දාWednesday, 06 November 2019 01:14 PM

කොන්දොස්තරලාට කීදෙනෙකුට ගෙවන්න වෙනවාද මන්දා...? බස් රථය ඩිපොවට ගෙනගියාම සුළු හෝ අළුත්වැඩියාවක් කරගැනීමට ගරාජයේ සේවකයින්ට ගෙව්වේ නැත්නම් වැඩක්කර ගන්න බැහැ. බස් නැවතුමක සිටි නගින ටිකට් පරීක්ෂා කළ සමගම මගීන් නැග්ගොත් මගීන්ට ටිකට් දීමට පෙර ටිකට්පොත ගත්තාම ටිකට් නැති මගීන් බසයේ් ඉන්නවා. මෙහෙම වැඩ කරන්න හැකිද?

:       0       10

Mahee Wednesday, 06 November 2019 12:44 PM

හැබැයි මීට පස්සේ ටිකට් නැතුව කවුරුවත් එක්ක යන්නෙත් නෑ නේද? අන්න එහෙම නම් කොන්දොස්තර මහතාට මගේ ප්‍රණාමය...!

:       0       0

raheem Wednesday, 06 November 2019 03:26 PM

දෙයියෝ සාක්කි... ටික්කෝ කොන්දාගෙන් පගාව ඉල්ලලා ඉල්ලන් කාලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 481 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site