
(සුමිත් ප්‍රේමතිලක)
පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
මොරවින්න මාදුපිටිය ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සග 48 අතර වයසේ පසුවන බව ද පොලිසිය පවසයි .
පොලිස් කණ්ඩායම නිවස වටලන විට සැකකාරියන් පැනයාමට උත්සාහ දරා ඇති අතර , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලවා සැකකාරියන් හයදෙනා සහ සුදු ක්‍රීඩා වේ නියැලී සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් අත්තඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් සම මුදල් පොලිස් භාරයට ගෙන තිබේ .

COMMENTS
මේ විදිහටම මහබැංකු හොරා, සීනි හොරා, පොල්තෙල් හොරා, ඉඩම් හොරා එකී මෙකී හැම හොරාම ඇල්ලුවා නම් ඉහත ඡායාරූපය මීට වඩා ලස්සනට ගන්න තිබ්බා. කොලේ නීතිය..සල්ලි මිටි බැඳලා. අපරාදේ, රුපියල් 5500ක් අල්ලගන්න අර වාහනේක වියදම් කරගෙන ගියපු සල්ලි.
පාතාලයෙන් දේශපාලනයට ආපු තක්කඩි රටේ මිනිස්සුන්ගේ ජීවිත, රටේ අනාගතයත් එක්ක බූරුවා ගහද්දී, ඒ අාදර්ශය අරන් මිනිස්සුත් බූරුවා ගහනවා.
සංචරණ සීමා කාලේ වෙන මොනවා කරන්නද?
දුප්පත් බූරුපොළක්... පව්..!!!
මේ විදිහට මහබැංකු හොරුත් ඇල්ලුවා නම්.. අනේ පව් අහිංසක මිනිස්සු ටිකක් අල්ලගෙන...