IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තාවගේ කැති පහරින් ඥාතියා මරුට-සැමියා රෝහලේ

(එම් .සුසිල් ප්‍රියන්ත සහ චන්ද්‍රසිරි ගුණසේකර)

කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ කාන්තාවක එල්ල කළ කැති පහරින් ඇගේ නිවසේ ජීවත්වූ ඥාතී පුද්ගලයකු මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ, කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරිදේව ප්‍රේමසිරි නමැති 75  හැවිරිදි සිව් දරු පියෙකි. බරපතල තුවාල ලබා ඇත්තේ කැතිපහර එල්ල කළ කාන්තාවගේ සැමියා වන 58 හැවිරිදි තිදරු පියෙකු වන ඉලන්දාරිදේව ගුණරත්න නමැත්තෙකි.
  
මියගිය තැනැත්තා අංශබාග රෝගයට ගොදුරුව සිටි අයෙකි.  ඔහුට දරුවන් නොසලකන නිසා ඔහුව මෙම නිවසේ රදවාගෙන රැකබලාගෙන ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා විසිනි.මෙම කාන්තාව වසර ගණනාවක සිට මානසික ආබාධයකින් පෙළෙන අතර ඊට ප්‍රතිකාර ලබමින් නිවසේ සිට ඇත.

ඊයේ (31)රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් මත මේ කාන්තාව සිය සැමියාට හා ඥාතියාට නිවසේ තිබු කැත්ත ගෙන පහරදි ඇති බව පොලීසිය කියයි. ඇයගේ කැති පහරින් ඇවිදගෙන යාමට නොහැකිව සිටි රෝගී තැවැත්තා එතැනම මියගොස් ඇති අතර, සැමියා කැති පහර කාගෙන දිව ගොස් ඇති බවත් පොලීසිය කියයි.
 
තුවාල ලැබු සැමියා පළමුව ඇල්පිටිය මූලික රෝහලටත් ඔහුගේ තත්ත්වය බරපතල හෙයින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර, ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
සැකකාර කාන්තාව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. සැකකාරිය සිය  මානසික ආබාධයකට දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන තැනැත්තියක බව මූලික පරීක්ෂණවලදි අනාවරණය වූ බවද පොලීසිය කියයි.
  
ඝාතනයවූ තැනැත්තාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට ඊයේ (31 )රාත්‍රියේදීම ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා සිද්ධියවූ ස්ථානයට ගියේය. මෘත දේහය ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛදවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය .
   
ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කාන්තාවගේ කැති පහරින් ඥාතියා මරුට-සැමියා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site