IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්තාවක් අතපය බැඳ ඝාතනය කරයි

(සටහන ජායාරුප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි දෙදරු මවක් ඇය පදිංචි නිවස පිටුපස අත් පා ගැට ගසා මුව රෙදි වලින් වසා මරා දමා තිබියදි අද (12) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

 මෙසේ මරා දමා ඇත්තේ 67 හැවිරිදි මුනාමෙරෙන්ඤඤ ඥාණවති නැමති දෙදරු මවක් බව බව ආණමඩුව පොලිසිය පවසයි.

 මරණයට පත් කාන්තාව ඇගේ සැමියා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මොවුන් මාතර සිට කොළඹට පැමින කිරුලපන ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරමින් සිට පසුව වසර 15 කට පමන පෙර පුනවිටිය ප්‍රදේශයට පැමිණ ඉඩකඩම් වගා කරමින් සාමකාමි ලෙස වාසය කරමින් සිටි පදිංචිකරුවන් බව පොලිසිය කල පරික්ෂණ වලදී හෙළිවි තිබේ.

නිවස ඉදිරිපිට ශබ්දයක් ඇසී එය සොයා බැලිමට විදුලි පන්දමද රැගෙන එළියට පැමිණීමත් සමග අතුරුදහන් වි තිබු අතර, පසුව නිවසේ මුළුතැන්ගෙය පිටුපස දෑත් අත්පා බැද මුඛය රෙදි වලින් වසා මරා දමා සිටියදි හමුවූ බව මරණයට පත් දෙදරු මවගේ සැමියා පවසා තිබේ.

 මෙම නිවසේ මෙම මහළු යුවල සමග ඔවුන්ගේ පුතා රැඳී සිටියද සිදුවීම වන අවස්ථාවේ ඔහු සිය සොහොයුරියගේ කොළඹ නිවසේ රැදි සිටි ඇති බවද කියයි.

 සිද්ධියෙන් පසුව පොලිස් සුනඛ එකකය, අපරාධ ස්ථාන පරික්ෂා කිරිමේ නිළධාරින්, ඇඟිලි සළකුණු අංශ භාර නිළධාරින් හා ආණමඩුව පොලිසියේ අපරාධ පරික්ෂණ නිළධාරින් එක්ව පුළුල් පරික්ෂණ අරඹා තිබේ .



අදහස් (1)

කාන්තාවක් අතපය බැඳ ඝාතනය කරයි

වල්මෝරුව Sunday, 13 January 2019 02:30 AM

මිනීමරුවෝ සොයාගන්න ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක් යොදවන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site