IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට

මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ බව කියන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය ඒ බව වාර්තා කර තිබිණි. 

නවනීතන් ජී නැමැති 39 හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ බටහිර ජර්මනියේ පිහිටි ඔහුගේ නිවසේදීය. ජර්මානු පොලිසිය සහ එරට බලධාරීන් ඊයේ (16) ඔහුගේ නිවස පරීක්ෂා කර තිබෙන අතර ඒ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 

ජර්මනියේ පෞද්ගලික නීති හේතුවෙන් එම පුද්ගලයාගේ වාසගම හෙළිදරවු කර නැති අතර විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය, ඝාතනය සහ ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කරමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහස් පොලිසියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවත් 2005 වසරේදී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට කිරීමට සම්බන්ධ වී ඇති බවත් ඊ.පී.ඩී.පී.පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවත්  ජර්මානු බලධාරිහු කියති. 

මෙම සැකකරු ජර්මනියට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත. 

ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 වසරේ සිට 2001 වසර දක්වාත් 2004 වසරේ සිට ඝාතනය වන අවස්ථාව දක්වාත් මෙරට විදේශ අමාත්‍ය ධුරය හෙබවීය. 

අභාවයෙන් පසු ශ්‍රී ලාංකිකයකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට පිරිනැමීට රජය පියවර ගත්තේය. ඒ මහතා මෙරටින් බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස පිළිගැනේ. 

055

 



අදහස් (7)

කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට

Bamunuarachchi Friday, 18 January 2019 12:07 AM

තාම ජර්මනියේ ගෑස් කාමර තිබෙනවාද? තිබෙනවානම් ඉතින් මොනවාටද සුනංගුවෙන්නේ?

:       1       174

Bamunuarachchi Friday, 18 January 2019 12:13 AM

හිට්ලර් ඒකාලේ දෙමල්ලු කියා ජනවර්ගයක් ඉන්නාබව දැනගෙන සිට නැහැ. එහෙම උනානම් යුදෙව්වන්ට ඔය ඉරණම අත්වෙන්නේ නැත.

:       3       188

krishantha Friday, 18 January 2019 03:10 AM

ලංකාවට එවන්න. ජනාධිපති සමාවක් ඉල්ලලා දෙන්නම් .

:       0       21

de silva Friday, 18 January 2019 06:16 AM

අපි අධිකරණය මාර්ගයෙන් නිසි පරිදි ඉල්ලීමක් කළහොත් ඔවුන් මොහුව ලංකාවට භාරදෙවී , නැත්නම් නිදහස් කරවී, අර කොස්ගොඩ නදුන් ඉතාලියේදී අල්ලගත්ත වෙලාවෙත් අපේ බලධාරීන් මුනිවත රැක්කා

:       0       120

rasika Friday, 18 January 2019 10:00 AM

අතුරුදහන් කීවට ඔය ඉන්නේ ...

:       0       8

Athula Friday, 18 January 2019 10:58 AM

මේ නම් නවනීදන් පිල්ලේ වෙන්න ඇති.. අර අපිට යුද අපරාධ කළා කියලා කියපු ජා. සංවිධානයේ හිටපු මානව හිමිකම් කොමසාරිස්...

:       0       0

Chandima Friday, 18 January 2019 11:01 AM

බොරුබයිලා තමයි. ඒ කාලේ ඒ අයට ආධාර දීලා රටම විනාශ කරන්න, දැන් මේ එකෙක් අල්ලලා අපිව රවට්ටනවා. කොටින්ගෙන් භාගයක් තවම එහෙ නිදැල්ලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site