IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොතලාවල පනතට ජ‘පුර ආචාරවරුන්ගේ විරෝධය

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත්  එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සාමාජික සාමාජිකවෝ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරතවූහ.

කොතලාවල පනත පිළිබඳව  විරෝධතාව ඇත්තේ හමුදාවන් මගින් වෙනත් පුද්ගලයන්ට අධ්‍යාපනය ලබා දීම සහ පවතින විශ්ව විද්‍යාලවලට සමාන්තරව රට පුරා හමුදා විශ්වවිද්‍යාල ඇති කිරීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය සමන් යාපා මහතා එහිදී පැවැසීය.

කොතලාවල විශ්ව විද්‍යාලයෙන් හමුදා සඳහා තියෙනවාටත් වඩා අධ්‍යාපනය ලබාදෙනවාට විරුද්ධත්වයක් නැති බව ද පවසයි.

එමෙන්ම දිගින් දිගටම විශ්වවිද්‍යාල වසා දමා ඇති බව සඳහන් කළ ඒ මහතා පාසල් ළමුන්ට ලබා දෙන ප්‍රමුඛතාවය  විශ්වවිද්‍යාල සඳහා ලබාදී නැති බව ද  පැවසීය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

කොතලාවල පනතට ජ‘පුර ආචාරවරුන්ගේ විරෝධය

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 July 2021 04:22 PM

කොතලාවල පනතට විරුද්ධව විරෝධය පෑමට ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට ශක්තිය තිබීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙමු. එමෙන්ම එක එක දේශපාලන අංශවල හා රජයන්ගේ පදේට නටන්නේ නැතිව නිර්භීතව තම වැඩදායි ක්‍රියාමාර්ගය ගැනීම සම්බන්ධව අපි සියලුම ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත අපගේ ගෞරවාන්විත ස්තුතිය පුදකරමු.

:       47       257

Sarasi Tuesday, 20 July 2021 06:06 PM

හමුදා විශ්ව විද්‍යාලවල තමා උගන්වන්න ඕන නියමිත වෙලාවට වැඩ කරන්න පේනවානේ එන්නත් දෙන තැන්ම හොඳ උදාහරණ හොඳ ගුණගරුක මිනිස්සුන්ට හොඳ සේවයක් දෙන කම්මැලි නැති රාජ්‍ය සේවයක් බිහිවෙයි...

:       120       90

සිසිර එදිරිසිංහ Tuesday, 20 July 2021 06:20 PM

අපි හිතාගෙන හිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නේ හැමදාම ටීවී එකේ දකින ආණ්ඩුවේ වියත්මග කට්ටිය විතරයි කියලා. බැලුවම කොන්ද පණ තියෙන ආචාර්යවරුත් ඉන්නවනේ. හරි දේට හරි කියන, වැරදි දේ පෙන්වන මෙවන් ආචාර්යවරු රටට වාසනාවක්. එයාල ඉදිරියට පැමිණිය යුතුයි. නැත්නම් ගොම රිටිඋඩ එනවා.

:       5       131

සමන් Tuesday, 20 July 2021 07:58 PM

මේ ආචාර්ය හොරු රට වෙනුවෙන් කළ කැපකිරීමක් කියමුද බලන්න... නව නිපැයුමක් වගේ.

:       58       66

බමුණු.Tuesday, 20 July 2021 09:18 PM

විශ්ව විද්‍යාලයක් ළඟින්වත් නොගිය කෙනෙකු බව තමන්ම විසින්ම පෙන්වා තියෙනවා.

:       54       51

sampath Tuesday, 20 July 2021 10:36 PM

විශ්ව විද්‍යාල වල ඕනේ තරම් නව නිපැයුම්, නව නිර්මාණ බිහිවෙනවා. ඒත් ලංකාවේ කර්මාන්ත විසින් ඒවට සහයක් දෙන්නේ නැහැ. රජයට මුදල් නෑ... ඒ නිසයි ඒවා ජනතාව අතරට පත් නොවෙන්නේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන්, ළමයින්ගෙන් ඕනේ තරම් මේ රටට වැඩගන්න පුළුවන්... නමුත් එහෙම සූදානමක් නෑ.. ඒ නිසයි ඒ අය රට අත්හැර ගොස් වෙනත් රටවලට ඒ දායකත්වය දෙන්නේ... රට පුරා බෝඩ් ලෑලි, විශ්ව විද්‍යාල අලුතින් හැදුවට වැඩක් නෑ.. නීතියෙන් ඒ ටිකවත් රැකගන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site