
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි මණ්ඩලයේ තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
දේවාලයේ කාර්ය මණ්ඩලයේ කීප දෙනකුට සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආබාධ ඇතුළු විවිධ රෝග ලක්ෂණ ඇති වී තිබෙන බවට කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කළ දැනුම්දීමක් මත එම පිරිස් රැඳී සිටින නේවාසිකාගාර විෂබීජහරණය කල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉන් පස් දෙනකු දහවල් දෙබරවැව මූලික රෝහල වෙත යොමු කළ බව කියයි.
මෙම පිරිස ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට කතරගම සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනීප වෙනතුරු ඔය කට්ටිය දෙයියෝ ළගට යවන්න එපා..
පෙනෙන විදිහට ගරු. කතරගම දෙවියන් තම සේවකයා ආරක්ෂා නොකරයි
වහාම නිරෝධායනයට කටයුතු ගෙනියන්න.
පුජා වට්ටියකට N95 මාස්ක් 7 බැගින් තැබීමට කාරුණික වන්න
කියන දේ අහන්නේ නැතිව කතරගම ගිය අයට කතරගම දෙවි පිහිටයි...
දෙවියනි ඔබ කොහිද