බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි .
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මියගේ නියෝග මත මරණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරය තුලදී ය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර ඥාතීන්ට භාර දෙන ලෙසත් එම මළසිරුරු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (21) නියෝග ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය වැඩිදුරටත් පැවසීය .
මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර උදය කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කතුන් තිදෙනාගේ මරණය ශ්වසන පද්ධතිය සිරවීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි
Aris Friday, 22 May 2020 10:16 AM
තෙරපීමෙන් මුඛවාඩම හිර වෙලා හුස්ම හිරවෙන්න ඇති. දුකයි දුප්පත්කම නිසා වෙන දේවල් වලට...
Bamunuarachchi Sunday, 24 May 2020 02:23 PM
දුක් වෙන්න එපා... මේ අය දැන් ස්වර්ගයේ ඉන්නේ..