IMG-LOGO

කතානායක රජුට යටත් විය යුතු නෑ - කිරිඇල්ල

 

(සුජිත් හේවාජුලිගේ)

 

කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ඉතිහාසය ගතවීමට වර්තමාන කතානායකවරයාට ඓතිහාසික අවස්ථාවක් උදාවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හා හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු  සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා ජනාධිපතිවරයා කතානායකවරයාගේ අදහස් විමසිය යුතු බව කී කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව කල් දමමින් දේශපාලන කුමන්ත්‍රණ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.

‘‘කතානායකවරයා ඉදිරියේ අප බහුතරය පෙන්වා අවසන්‘‘ යැයිද හෙතෙම කීය.

කිරිඇල්ල මහතා මේ බව පැවැසුවේ කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පැවැති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ, හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.



අදහස් (13)

කතානායක රජුට යටත් විය යුතු නෑ - කිරිඇල්ල

Pablo Friday, 02 November 2018 04:17 PM

ඒක ඇත්ත. කතානායකතුමා ස්වාධීනව සිටිය යුතුමය.

:       348       1062

sirimal Friday, 02 November 2018 04:18 PM

රජු කතානායකට යටත් වෙන එකකුත් නැහැ.

:       1102       1156

UPALIFriday, 02 November 2018 05:41 PM

කුඩා රජ ?

:       0       0

BamunuarachchiSaturday, 03 November 2018 05:18 AM

කතානායකකමත් තව ටික දවසකටනේ...

:       209       66

ගල්කටස් Friday, 02 November 2018 07:53 PM

ඕන ගොනෙකුට කිරිඇල්ල වගේ දියවන්නාවේ ආණ්ඩුපක්ෂ සංවිධායක විය හැකිය.

:       0       0

lalith Friday, 02 November 2018 08:13 PM

රජුට නැතුව දොරටුපාලයට යටත්වෙන්නද කියන්නේ?

:       0       0

rocky Saturday, 03 November 2018 01:49 AM

ඔවුන්ට යටත්වෙලා දුක් විඳින්න සිද්ධ වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවටයි. සමහර මීහරකුන්ට ඒ බව තේරෙන්නේ නැහැ! ඒ අයට ඕන රජතුමාගේ පරවේණි දාසයන් හැටියට ඉන්න...!

:       0       0

සෙනෙවි Saturday, 03 November 2018 05:22 AM

මේ කතානායක යටත් වෙන්නේ රනිල්ටනේ...

:       7       255

නුවන් බාලසූරිය Saturday, 03 November 2018 07:06 AM

මට මේ වෙලාවේ මතක් වෙන්නේ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා. එතුමා ඉතා නිර්භීතව කෙළින් වැඩ කළා. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම්, එතුමා ආරක්ෂා කෙරුවා.

:       2       15

ගල්කටස් Saturday, 03 November 2018 01:29 PM

ඕනේ ගොනෙකුට පුළුවන් ප්‍රධාන සංවිධායකකම් කරන්න.

:       3       116

anua Sunday, 04 November 2018 02:06 AM

ව්‍යවස්ථාවේ මොන වගන්තියේද එහෙම තියෙන්නේ?

:       0       0

Malaka dasun Sunday, 04 November 2018 03:37 AM

එහෙනම් මොකටද ජනාධිපති කෙනෙක්. කතානායකටම රට භාර දුන්නනම් ඉවරයිනේ.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 04 November 2018 08:39 AM

මොන රජුටද? යම රජුටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 106 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2239 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site