IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කතානායක දෙලොවක් අතර

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතාට ලිපියක් බාර දී තිබේ.

මේ අතර විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට බාර දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.



අදහස් (26)

කතානායක දෙලොවක් අතර

Bandula. Thursday, 21 November 2019 09:38 AM

කොහොමත් මෙයා ඔය එක්සත් ජාතික පක්ෂයත් නැති කරලා තමා ගෙදර යන්නේ මට හිතෙන්නේ.

:       207       284

Hafeel Thursday, 21 November 2019 11:10 AM

දැනටමත් නැත්තටම නැතිකරලා ඉවරයි. බලන්න මේ ප්‍රතිපල. දකුණේ ඡන්ද පදනමක් නැහැ නේ. ඉතිහාසයේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මෙහම පක්ෂය විනාශ කළේ නැහැ.

:       1       159

Rasika Pradeep Thursday, 21 November 2019 09:40 AM

කොතනකහරි එක්ක පොඩි ගැළපීමක් තියෙනවා වගේ දැනෙනවා නේද ? නිකන් ගිය පාරත් ඔය වගේ දෙයක් උනා වගේ පොඩි මතකයක් තියෙනවා. සමහර විට මම වැරදි ඇති, වෙන රටක වෙන්න ඇති.

:       2       208

මුණසිංහThursday, 21 November 2019 11:07 AM

කළ කම් පල දේ කියන්නේ ඔන්න ඕකට තමා.

:       3       101

ලැවොයිසියර් Thursday, 21 November 2019 09:40 AM

තරුණයන්ට ඉඩ දීලා බලමු නේද? වල පයයි ගොඩ පයයි අපට මොන අනාගතයක්ද?

:       336       844

BamunuarachchiThursday, 21 November 2019 11:23 AM

රැවුල එන්නත් කලින් ඒගොල්ලෝ කතා කරන්නේ දේශපාලනයේ පරිනතයින්ට ජම්පර් අන්දන්න. අඩුගනනේ "වෝටර් කලස්" වලින්වත් "හිට්ලර් කට්" එකවත් නහයට යටින් ඇඳ ගත්තොත් හොඳයි නේද? පෙනේනේ නැද්ද දේශපාලන වයස වුරුදු 9 වෙනත් පක්ෂයක් හදන්නයි කතාව.

:       2       19

Mahesh Thursday, 21 November 2019 09:41 AM

හොදම දේ ඔත්තේ දවස් වල රනිල් විපක්ෂ නායක. ඉරට්ටේ දවස් වල සජිත් විපක්ෂ නායක කරන එක ! මෙහෙම පක්ෂ නායකයෙක් එක්ක මෙහෙම හරි රට තිවුන එකත් පුදුමයි ..

:       2       164

kamal Thursday, 21 November 2019 09:50 AM

අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? රනිල් විපක්ෂ නායකයා ලෙසත් සජිත් විපක්ෂ නායකයට විපක්ෂ නායකයා ලෙසත් පත් කරන්න. වැඩේ ඉවරයිනේ. ( සිනි වලටත් ඇමති වරයෙක් පත් කල විශිෂ්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති රටකට ඕවා කජු කන වැඩ)

:       12       55

දිමුත් Thursday, 21 November 2019 09:54 AM

විපක්ෂ නායක ධුරයට වැඩි හිමිකමක් තියෙන්නෙ විපක්ෂයේ මන්ත්‍රීන්ට මිසක් දේශපාලන පක්ෂයකට නෙමෙයි. ඒ නිසා සජිත්ටයි එය හිමිවිය යුත්තේ.

:       2207       1219

BamunuarachchiThursday, 21 November 2019 11:28 AM

අපි දන්නා විදිහට නම් විපක්ෂ නායක කම හිමිවන්නේ ආණ්ඩුවක් පිහිටවන්න බැරි එත් වැඩි ආසන ගණනක් තිබෙන පක්ෂ නායකයාට. ඉතින් සජිත්ට කොහෙද පක්ෂ නායක කමක්. නියෝජ්‍ය නායක කමවත් නැතිකොට.

:       33       747

සිරිබිරිස්Thursday, 21 November 2019 12:51 PM

බමුණුතුමෝ, 1970 වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායක වුනේ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා. නමුත් 1970 සිට විපක්ෂ නායක වුනේ ජේ.ආර් උන්නැහේ නොවැ. එහෙම බලනවිට බමුණුතුමාගේ අදහස චුට්ටක් අවුල් නැද්ද

:       0       0

Bandara Thursday, 21 November 2019 09:59 AM

යාලුවා නිසා දුක ඇති.

:       1       140

chandana Thursday, 21 November 2019 10:47 AM

විපක්ෂ නායක ඉතා සූක්ෂම අකෙකු වීම අත්‍යවශයි, මේ වෙලාවේ සුදුසුම රනිල්, ඊලඟ ජනාධිපතිවරණයට සජිත් අත්දැකීම් එක්ක එනවනම් හරි, තමන්ගේ ආසනය දින්නවන්න බැරි කට්ටියක් මේ මොනවද කියවන්නේ.

:       60       68

මහසෙන් Thursday, 21 November 2019 10:52 AM

මහා ප්‍රජාතන්ත්‍රවාදී කරූ ජයසූරිය උත්තමයාණෙනි. ඔබගේ තීන්දුව දුන මැනවි.

:       68       18

Sugath Premalal Thursday, 21 November 2019 11:04 AM

කොළ පාට නැවතත් වසර 50 කට වත් ගොඩ එන්නේ නැහැ... කවදාවත් වංචාව , දුෂණය බොරුව, රට පවා දීම, අපේ රණවිරුවෝ බටහිර රටවල නීතියට පවා දීම, බුදු දහම විනාස කිරීම, විද්වත් පුද්ගලයන් නීති විරෝදී ලෙස අධිකරනයට ගෙන යාම, රටේ ආරක්ෂාව නැති කිරීම වගේ දේවල් කල නිසා ඔවූන්ට ස්වාභාවධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා.!

:       27       605

සුගතන් Friday, 22 November 2019 01:03 AM

බුදු දහම විනාශ කලා කීමෙන් අදහස් කල දේ පැහැදිලි කරන්න. සජිත් අපේක්ෂකතුමා සෑම පංසලකටම චෛත්‍යයක් ඇති කිරීමට කටයුතු කලා. සසුනට අරුණ වැඩසටහන එතුමාගේ වැඩක්.

:       0       0

Gobbaya Thursday, 21 November 2019 11:07 AM

කරු සර් ප්‍රශ්නේ විසදන්න විපක්ෂනායක කම සම්බන්ධන්ට දෙමු.

:       100       31

gonja Thursday, 21 November 2019 11:10 AM

ඔහොම වෙලා මදි, පහුගිය අවුරුදු පහේ කරපු හැමදෙයක්ම ආපහු ලැබෙනවා.

:       14       234

lalithm Thursday, 21 November 2019 11:24 AM

නම්බු ඇතිව අනුශාශක වගේ හිටියම හොඳටම ඇති. පක්ෂ නායකකමට හොඳ අවුරුදු 45-60 අතර කෙනෙකුට. ජවය සහ අත්දැකීම් තියෙන තව අවුරුදු 05කින් රට භාරගන්න හැකි අයෙක්. ජරාජීර්ණ වූ මහල්ලෙක් නොවෙයි.

:       0       23

sampath Thursday, 21 November 2019 11:24 AM

කාට විපක්ෂනායක කම ගියත් ප්‍රතිපත්ති සම්බන්ධන් විපක්ෂ නායකයා කරන්න.

:       1       0

Chaminda Perera Thursday, 21 November 2019 11:31 AM

එක පාරක් පැරදිලා තවත් පාරක් පරදින්නද යන්නේ?

:       2       333

amila Thursday, 21 November 2019 12:05 PM

එජාපය විසිරුවා හරින්න ඕන, ශ්‍රී ලංකා එකත් එහෙමයි. මේ පක්ෂ දෙක රජ කෙරුවා ඇති දැන්.

:       0       1

Nimal Thursday, 21 November 2019 12:14 PM

මහා ලේකම් වශයෙන් පත්කලෙත් රනිල් වික්‍රමසිංහ, ඒක නිසා තමයි අකිලට අවශ්‍ය රනිල්ගේ නායකත්වය නමුත් මෙහි බහුතර මන්ත්‍රීවරුන්ගේ මතයට ඉඩ දීලා රනිල් මේ අවස්ථාවේදී දේශපාලනයට සමු දුන්නොත් හොදයි

:       2       97

BamunuarachchiThursday, 21 November 2019 01:54 PM

ඒ මොකක්ද ඒ කතාව. සජිත්ට ලක්ෂ 55 ලැබුනේ එයා එජාපෙන් ඉදිරිපත් වුන නිසා. එයාට ඉදිරිපත් වෙන්න ඉඩ දුන්නේ එජාපය අයගේ ඉල්ලීම නිසා. සමහර විට කරු ජයසූරිය ඉල්ලුවානම් තව ලක්ෂයක් වැඩිපුර කරූට ලැබෙන්න ඉඩ තිබුනා. එම නිසා සජිත්ට ඉඩ දීලා අයින්වෙන්න උවමනාවක් කොහෙත්ම නැහැ.

:       0       0

gunarathna Thursday, 21 November 2019 12:47 PM

කවුරු මොන සෙල්ලම් දැම්මත් රනිල් තමා විපක්ෂ නායකයා.

:       0       0

Ramani Thursday, 21 November 2019 01:16 PM

ගුත්තිල සහ මූසිලද, නැත්නම් සේරිවානිජද? මරු නාට්‍යයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site