(රංජන් කස්තුරි)
මේ වනවිට රටෙහි පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනමය තත්ත්වයෙන් රට වශයෙන් බරපතල පසුබෑමකට පත්ව ඇති හෙයින් ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු වගකිව යුත්තන් ඒ පිළිබඳව අවධානය යොමුකර මාතෘභූමිය ප්‍රජාතන්ත්‍රවාදය රජයන සාමකාමී සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීමට කටයුතු කිරීම යුතුකමකැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ප්‍රවෘත්ති නිවේදනයයි.
2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී බැලීමෙහි ද මෙය සුදුසු ම අවස්ථාව බව අපගේ හැඟීමයි.
ඉහත කී වෙනස්කම් සිදු වූ දිනට පසු දින, එනම් ඔක්තෝබර් 27වන දින කථානායකවරයා, අතිගරු ජනාධිපතිතුමන් හමුවී ප්‍රකාශ කළේ එම ක්‍රියාදාමය නීතියට සහ පිළිගත් සම්ප්‍රදායට පටහැනි වුවද ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය සහ එතුමන්ගේ විශේෂ ඉල්ලීම අනුව නව අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ලබාදිය යුතු පහසුකම් ලබාදෙන ලෙස මහ ලේකම්වරයාට තමා උපදෙස් ලබා දෙන බවයි.
නව රජයේ ශක්තිය හා බහුතරය සතියක් තුළ පාර්ලිමේන්තුවේදී පෙන්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉතා අවශ්‍ය බවත් පෙන්වා දුන් කථානායකවරයා ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. එමෙන්ම එතෙක් පැවැති රජය විසුරුවා හැරීම සම්ප්‍රදායානුකූලව සිදු නොවුණු හෙයින්, නව රජයේ ශක්තිය රටට හා ලොවට පෙන්වීම රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේද යුතුකමක් ලෙස දකින බවද කථානායකවරයා දැඩිව පෙන්වා දෙන ලදි.
එම ඉල්ලීමට අතිගරු ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොවැම්බර් 7වැනි දින පාර්ලිමේන්තුව කැඳවා එම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීමට මුලින් එකඟ වුවද, විවිධ හේතූන් මත එම අවස්ථාව නොලැබිනි. අවසානයේ දී පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවේ නොවැම්බර් 14වැනි දාය. ඒ වන විට පාර්ලිමේන්තුව තුළ පිළිගත් පක්ෂ හයෙන් හතරක සාමාජිකයන් 122 ක් නව රජය නොපිළිගන්නා බව ප්‍රකාශ කරමින්, රජයට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබිණි. එම පසුබිම තුළ සුදුසුම ක්‍රියාදාමය වූයේ රජය විසින් බහුතරය තුලින් තම ශක්තිය පෙන්වීමයි. කවර හෝ හේතුවක් නිසා එලෙස සිදු නොවූ අතර, එම කාලය තුළ රුපියල් මිලියන 300 ඉක්මවන මුදල් අල්ලස් සමග ඇමති, උප ඇමති පදවි ලබා දීමට පොරොන්දු වෙමින් ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන් සිය පාර්ශ්වයට නම්මවා ගැනීමේ ලජ්ජාසහගත ක්‍රියාදාමයක් කරා රට යොමු වෙමින් තිබිණි. මීට අදාලව අල්ලස් හා දූෂණ කොමිසම මඟින් වහා පරීක්ෂණ ඇරඹීම පිළිබඳ අප සතුටු වෙමු.
එවැනි පරිසරයක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරයේ ඉල්ලීමට ගරු කරමින් ජනාධිපතිතුමන් විසින් නිල කැඳවීම කළ දිනට, එනම් නොවැම්බර් 14 දිනට ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ ද සහයෝගය ලැබුණේ නම් සාමකාමීව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය ගැනීමේ පහසුකම් සලසා තිබිණි. නොවැම්බර් 14, 15, 16 යන තුන් දිනම තේරුම් ගත නොහැකි හේතු මත, සාමකාමීව ඡන්දයක් පැවැත්වීම වෙනුවට සිදු වූයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අවිනීත පරිසරයක් නිර්මාණය කිරීම ය. “හඬින්” ඡන්දය ගැනීමට සිදු වූයේ එහෙයිනි.
මින් පෙර ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සාමකාමී පරිසරයක් තුළ පවා “හඬින්” ඡන්දය ගත් අවස්ථා පෙන්වා දිය හැක. ඒ අනූව බහුතරයකින් සම්මත වූ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර, ඒ බවට ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලදී.
දෙසැම්බර් 03වැනි දින ගරු අධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කර ඇති බව පැහැදිලි ය. පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය ගරු අධිකරණය මගින් ද තහවුරු කිරීම අපට ධෛර්යකි. ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පාර්ලිමේන්තුව හා කථානායකවරයාට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා මෙමගින් නිශ්ප්‍රභ වනු ඇත.
ඉහත සඳහන් වූයේ පාර්ලිමේන්තුව විසින් එතෙක් මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පැහැදිලි කරලීමයි. පිළිගත් පක්ෂ හයකින් පක්ෂ හතරක මන්ත්‍රීන් 122කගේ හඬට කන්දීම පක්ෂග්‍රාහී වීමක් ලෙස සමහරුන් හඳුන්වාදීම හාස්‍යයට කරුණකි. එජාපයට අමතරව, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ද්‍රවිඩ ජාතික සන්ධානයද (TNA) මෙයට අයත්ය.
මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයින්ගේද උපදෙස් අනුව සිදුවූ බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතු වේ. එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකතුමාගේ ක්‍රියා කලාපය තුළින් අපේක්‍ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බව ද අවධාරණය කරමු. කෙසේ වුව ද කිසිවකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, විවිධ ප්‍රදේශ තුළ කථානායකවරයාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට සිදුකළ යුත්තේ නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එමින් ඔහු ඉවත් කිරීමය.
අවසාන වශයෙන්, මෙම තීරණාත්මක හා අභියෝගාත්මක අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු කාරණාවක් වනුයේ මෙම සිද්ධින් හේතුවන් අප රට ආර්ථික, සමාජයීය හා දේශපාලනමය වශයෙන් බරපතල ලෙස පසුබෑමකට පත් ව ඇති බව ය. මෙම තත්වයෙන් අපගේ මාතෘ භූමිය වහාම මුදවා නූපන් පරපුර වෙත ප්‍රජාතන්ත්‍රවාදය රජයන, සාමකාමී, සමෘද්ධිමත් දේශයක් ශේෂ කර දීම අපගේ පරම යුතුකමව පවතින බැව් පැහැදිලි ය. පුරවැසි සැමට ආත්ම ගරුත්වයක් හා අභිමානයක් සහිතව ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන අතර නැවත වරක් ජාතික, ආගමික, සංහිඳියාව බිද වැටීමට කිසිදු ඉඩක් නොතැබීමට වග බලා ගත යුතුව තිබේ. ඊළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීමෙහි සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු වේ.
මුදලට මන්ත්‍රී පදවි විකිණීමේ අප්‍රසන්න ක්‍රියාදාමය වහා නැවැත්වීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතුව ඇති අතර මේ වෙනුවෙන් පාර්ලිමේන්තුව පූර්ණ ලෙස කැපවනු ඇත.ඉහත සඳහන් අදහස් හා යෝජනා අප ඉදිරිපත් කරනුයේ සද්භාවයෙන් හා පිරිසිදු චේතනාවෙන් මිස පෞද්ගලික හෝ දේශපාලනමය අසද්භාවයකින් නොවන බව අවධාරණය කරමු.
අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මුළු රාජ්‍ය තන්ත්‍රයේ ම අවධානය මේ වෙනුවෙන් යොමු වී රට අප්‍රමාදව යථා තත්වයට පත් වනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි.
(කථානායක කාර්යාලය)
2018.12.04
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කතානායක කාර්යාලයෙන් නිවේදනයක්
dadi Tuesday, 04 December 2018 11:31 AM
විශිෂ්ඨයි ..... කථානායකතුමනි....
Mohan Tuesday, 04 December 2018 11:38 AM
ගරු කතානායක තුමනි, ඔබ දරන උත්සාහයට අපගේ ස්තුතිය
Lanka Perera Tuesday, 04 December 2018 12:26 PM
මේ අයට මේවා මුකුත් තේරෙන්නේ නැහැ.
Raveendra Tuesday, 04 December 2018 12:37 PM
හා ..හා.. කියන්නකෝ බලන්න කව්ද මේක ලියල දුන්නේ කියලා? "පරංගියා" ගිය පැත්තේ කර්යාලයකින්ද? ඊළඟ ප්‍රශ්නය ගන්නවාද? මෙහෙම කියන ඔයා අවංකද කියන්නකෝ බලන්න? අපි නම් දන්නවා අම්බරුවන් 225 ම පාදඩයින් බව... ඉතින් තව මොනවද කතා.. නිකං අපිට " අර්තාපල් "පොඩිකරන්න හදනවද?
SILVA SARATH Tuesday, 04 December 2018 01:04 PM
ගරු කතානායකතුමනි, ඔබතුමා වැනි මහත්මා දේශපාලන නායකයෙකු ලැබීම අප රටට වාසනාවකි... ජයවේවා!!! මැතිතුමනි..
සෙනෙවි Tuesday, 04 December 2018 03:34 PM
සුද්දන්ට රට පාවා දුන් අැහැලේපොළ සිහිපත් කරවන වර්තමාන කතානායකවරයා බටහිර එ්ජන්තයෙක් ලෙස ඉතිහාස ගත වනු අැත ......