IMG-LOGO

‘කතානායක උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු රැස්වීම අවුල් කරන්නයි’

(ඩයනා උදයංගනී)
 
නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප‍්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

කතානායකවරයා මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක‍්‍රියාවක නිරත වෙමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, නීතිරීති හා සම්ප‍්‍රදායන්වලට පයින් ගසා දඩබ්බර ක‍්‍රියාවක යෙදීමට උත්සාහ කරන බව පෙනෙන්නේ යැයි ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටද විමසා ඡන්ද පැවැත්වීමේ හැකියාවක් නොමැති බව කී ඇමැතිවරයා විශ්වාසභංගයක් මගින් හෝ  රජය ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම පැරදවීමෙන් බහුතරය පෙන්වීමේ හැකියාව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවයට තිබෙන බව ද කීවේය.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
 
ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (7)

‘කතානායක උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු රැස්වීම අවුල් කරන්නයි’

rocky Friday, 09 November 2018 10:59 AM

නින්දෙන් අහැරිලාද කතා කරන්නේ? රට අවුලෙන් අවුලට පත්කෙරුවේ කවුද? කතා කරන්නේ කටින්ද?

:       0       0

සෙනෙවි Friday, 09 November 2018 11:08 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිලෙස ජනාධිපතිවරයාට අභියෝග කරමින් රට ලේ විලක් කිරීමට කුමන්ත්‍රණය කරන කථානායකවරයා වහාම අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියා කළයුතුය.

:       329       517

රවින් Friday, 09 November 2018 12:34 PM

කොහොමත් නිදාගන්න එකනේ....

:       214       117

Mahee Friday, 09 November 2018 07:43 PM

අර අනික් තුරුම්පු ගැහුවාම කට්ටියටම යන්න වෙනවා කියල දුකටද මේ එක එක ඒවා කියන්නේ?

:       0       0

Chanak Los angeles Friday, 09 November 2018 09:52 PM

පුදුමයි මෙතන මොහුට නින්ද ගියේ නැති එක...

:       0       0

sirimal Saturday, 10 November 2018 09:05 AM

මේ සැරේ මේ මහත්තයා නැගිටලා අනිත් මහත්තයාට නින්ද ගිහින්. අපේ රටේ දේශපාලනයේ පුදුම දේවල් තමා දකින්නට තියෙන්නේ.

:       0       0

isurandi Saturday, 10 November 2018 09:15 AM

කොහොමත් දේශපාලකයා කියන්නේ එහෙන් පනිද්දී මෙහාට දෙහි කපන එකයි මෙහෙන් එහාට පනිද්දී එහාට ගොට්ට අල්ලන එකයි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site