(අජන්ත කුමාර අගලකඩ)
විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනුයේ කතානායක කරු ජයසූරිය මහතා වෙත පිටු දෙකක ලිපියක් යවමිනි.
අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ දී බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බව ද ජනාධිපතිවරයා සිය ලිපයේ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රට.
අපිට නම් ඕවායේ තේරුමක් නැත මහත්තයො...
නියමයි
ඇයි අගමැති පත් කිරීමට විරුද්දව අදිකරණයට යන්නේ නැත්තේ…
මඩ යන්න කියලා මඩ වතුරම නාගන්නවා ...
ඔහොම අරගෙන යන්න. ඔය මහින්දට තිබෙනවා කියන ජනතා ප්‍රසාදය ජනතාවගෙන් තුරන් වෙන්න මේ නටන නාඩගම ඉවහල් වෙනවා. අපිට හරි සතුටුයි.
ඔබතුමා ඊයේ පැවති සමාරම්භක පාර්ලිමේන්තු උත්සවයට සහභාගී වූවානම් සියල්ල ඔබතුමාට සියැසින් දැක බලාගන්ට තිබුනා.
ජනාධිපතිතුමනි 7 වෙනිදා නඩු තීන්දුව ලැබෙනකම් අගමැති කෙනෙක් පත් නොකරන්න. මේ රටේ බහුතර ජනතාවගෙ ඉල්ලීම පැතුම එයයි. බහුතරයක් ජනතාව පසුගිය අාණ්ඩුවට අකමැතිය. වෙනසක් අවශ්‍යයි රටට. ඒ බහුතර නැවත එජාප අාණ්ඩුවකින් ඡන්දයක් නම් බලාපොරොත්තු විය නොහැක. නඩුව විභාග කිරිමට පෙර නඩුව පවත්වාගෙන යාමට උසාවිය අවසර ලබා දුන් සැනින් ඔවුන් හැසිරෙන්නෙ තීන්දුවෙන් දිනුම් විලසිනි. කෙසෙ වෙතත් උසාවිය නිවැරදි තීරණය ඉදිරියෙදි ලබා දෙනු අැත .සුවහසක් ජනතාවගෙ පැතුම මහා මැතිවරණයකි .
මේ අවුල පටන් ගත්තේ ජනාධිපති තුමා, අකමැත්තෙන් උනත් රට ගැන හිතල ඔබතුමාගේ හිතුමනාපෙට වැඩ නවතුවොත් හොඳයි. ඔබතුමාට තිබුණ ගෞරවය සම්පුර්ණයෙන්ම වගේ නැතිවෙලා තියෙන්නේ. තව තවත් අවුල ලොකු කරන්නේ නැතුව මේකට විසඳුමක් ගෙන්න. මේකෙන් රටේ ආර්ථිකයට දැනටමත් ලොකු බලපෑමක් ඇති වෙලා තියෙන්නේ. ව්‍යාපාරිකයින්ට, ව්‍යවසාදායකයින්ට තමන්ගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ රටේ ජනතාව කියන්නේ රාජ්‍ය සේවකයින් විතරක් නෙවෙයි
පෙන්දෙක් ගිය උඩ නොවාසනාවන්.
කතානායකට උගන්න්නට පෙර ජනාදිපති ඉගෙන ගත යුතුයි. නුගත් මිනිසුන්ට බලය දීපුවහම ගම කනවා.
අන්න ඩොලර් එක 175 වෙලා.
මේක මුළු ශ්‍රී ලංකාවටම අගෞරවයක් . දැන දැන හිතුමතේ කටයුතු කිරීම . රටේ නීතිය හිතුමතය සහ පුද්ගලික කැමැත්ත නෙමේ . ව්‍යවස්ථාව හදපු අය ඒක කඩන එක ලොකු විහිලුවක්නේද ? රටේ ආර්ථික අර්බුද ඇති කරපු අයටද ආයේ රට බාර දෙන්නේ ? ඉමක් කොනක් නැතුව තව කොච්චර තියෙනවද ? පුද්ගලික බුදලය නෙමේනේ .
කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දම රටට ඔහොම වෙන එක සාධාරණයි.
මේ කරන අපරාදය පලදේවි....
ජනාධිපති ව්‍යවස්ථාව කඩලා, කතානායක ස්ථාවර නියෝග කඩලා, අගමැතිකම දෙකඩ කඩලා, රටේ ජනතාව දන්නේ නැහැ කව්ද අගමැති, කව්ද ආණ්ඩු පක්ෂය කියලා, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විපක්ෂය දිනුම්නම් ව්‍යවස්ථාවට අනුව මේ වෙද්දී කැබිනෙට්ටුව විසිරිලා. රටේ පළමු,දෙවැනි සහ තුන්වෙනි පුද්ගලයෝ පිස්සු නටන්න පටන් අරන්. මේගොල්ලෝ මේ බල තණ්හාව වෙනුවෙන් නටන නැටුම දැන්වත් ඉවරකරන්න ඕනා. මොලයක් තියෙන හැම මනුස්සයටම වැටහෙනවා මේ නාඩගමේ ආරම්භය හෝ අවසානය ජනතාව වෙනුවෙන් නොව හුදෙක්ම බලය සඳහාම පමණක් බව. පාර්ලිමේන්තුවේ බලය තියෙන ඕනෑම කෙනෙක් අගමැති උනාදෙන්. පොදු අරමුණක් වෙනුවෙන් ඔව්න් සේරම එකට එකතුවී රට ඉදිරියට ගෙනයා යුතුයි. පුද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් රට අරාජික කිරීම ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලාදකිමි.
මෙයා දන්න ඉටිගෙඩිය..
කතානායකවරයා නොසලකා හැරලා තියෙන්නේ රට අරාජික කරන අස්ථාවර නියෝග මිසක් ව්‍යවස්ථාව නොවේ!
කකුළුවා කියනවා කෙලින් යන්න කියලා.
මොනවා කියන්නද මන්දා? මේක සෙල්ලමක් නොවෙයි. බලා බලා ඉඳල හරි යන්නේ නැහැ. රටම ගිනි තියන්න වගෙයි හදන්නේ.
ජනාධිපති තුමනී රට මහජන ඡන්දයකට යායුතුය. ඇයි එජාප කාරයෝ භය. නොගියොත් ගොඩගන්න බැරි විදිහටම රට අමාරුවේ වැටෙනවා. මහින්ද මහතාව ආදර්ශයට ගනිල්ලා.
එජාපය නෙමෙයි, බය...... පස්ස දොරෙන් රිංගපු අගමැතිට විරුද්ධව පාර්ලිමේතුවේ ඡන්දයක් විමසනවට පොහොට්ටුවෝයි බය!
අන්න මහින්දව ආදර්ශයට ගන්න ...
ඉතින් ඔබතුමාත් ව්‍යවස්ථාව නොසලකාහැර තියෙන්නේ ඒක හොඳද ?
එක එක්කෙනාට බෝලේ පාස් කරන්නේ නැතුව තමන්ගෙන් වුණූ වරද හදාගන්න.
ජනපතිට නම් විකාර... වහාම දෝෂාභියෝගයක් ගේන්න...