IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


’’කතානායකවරයාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පාර කැපෙනවා’’

විනීතා එම් ගමගේ

 
ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති පිළිගත නොහැකි යැයි කථානායකවරයා විසින් කළ ලිඛිත ප‍්‍රකාශය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 

ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී ඇති විශේෂ බලතල පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පරමාධිපත්‍ය බලය ඇති ජනතාව ලවා අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය. 

ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමින් මේ අවස්ථාවේ අගමැතිවරු දෙදෙනාගේ කථාව අවසන් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. 

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ එම පක්ෂයේ මුලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවක දීය.



අදහස් (10)

’’කතානායකවරයාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පාර කැපෙනවා’’

දිමුත් Friday, 09 November 2018 10:16 AM

මේ වගේ අයගේ මතයන්ට මාධ්‍ය තුලින් තැනක් නොදෙන තරමට රටට හොඳයි.

:       963       1167

Cisco Friday, 09 November 2018 10:35 AM

වෙන මොනවටවත් මෙතුමා සමග එකඟ නොවුණත් මේ කතාවට නම් එකඟයි. මොකද මේ මඩ ගොහොරුවෙන් ගොඩ වෙලා රට ඉස්සරහට යන්න ඕනෑ. ඉක්මනට ඡන්දයක් තියන්න. ජනතාව තීරණය කරාවි කවුද නියෝජිතයෝ හා කවුද අගමැති කියලා.

:       610       660

saliyaFriday, 09 November 2018 11:26 AM

ජනපතිවරණය තබා මතය විමසීම වඩා සුදුසුය...

:       0       0

SisiraFriday, 09 November 2018 12:28 PM

ඡන්දයකට යන්න ඉස්සර වෙලා මේ උද්ගත වෙලා තියන අර්බුදකාරී තත්වයට වගකිවයුත්තන් කව්ද? මීට වඩා වැදගත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න හොඳ පිළිවෙලක් පැහැදිලිව තියෙද්දී අනාගත්තේ කවුද? ගොන් කතා එපා. තියන ඡන්ද පදනමත් කාගෙන ඉවරයි.

:       10       142

CuscoFriday, 09 November 2018 11:54 PM

මෙතන කිසි ගොන් කතාවක් නැහැ. මේ තත්වය ඇතිකළේ අපිමයි... මෛත්‍රී ජනාධිපති කරලා. එ් කියන්නේ 62 ලක්ෂය.. දැන් එය අවසන් කරන්න කාලය හරි.

:       0       0

rocky Friday, 09 November 2018 11:01 AM

මහත්තයෝ, හැල ගෙම්බන්ව නම් දාන්න එපා, පින් අයිති වෙයි!

:       0       0

jim k Friday, 09 November 2018 11:07 AM

මෙයා නම් මොලේ කචල් කාරයෙක්

:       11       165

Pablo Friday, 09 November 2018 12:35 PM

කතානායකතුමා තමයි දැන් සේරටම වැරදිකරු වෙලා තියෙන්නේ...

:       135       271

Jaya Friday, 09 November 2018 01:55 PM

මොකද ඡන්දයකට බය මේ තරම් මේ කට්ටිය?

:       0       0

ගැටමාන්නේ විජිත හිම් Saturday, 10 November 2018 02:21 AM

මේ මැතිඇමතිවරු කව්රුවත් රටට ආදරේ ඇති පිරිසක් නොවන බව පැහැදිලිය බලලෝභී පිරිසක් බව ඉතා පැහැදිලිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 56 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2184 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site