(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය කරුණු නොසොයා කළ ප්‍රකාශයකින් මූලාසනයට අගෞරවයක් වී ඇති බවත් මූලාසනය සහ සියලු මන්ත්‍රිවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් ඉදිරියේදී කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් දිනයේදී සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් තලතා අතුකොරල මන්ත්‍රීවරියට වාචික ලිංගික හිංසනයක් සිදුකළ බවත් ඒ අවස්ථාවේදී තමා සිනාසී නිහඬව බලා සිටි බවත් රෝහිණී විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළ බව පැවසූ කතානායකවරයා එය සාවද්‍ය ප්‍රකාශයක් බවද සඳහන් කළේය.
එවැනි සිද්ධියක් සිදු වූවා යැයි කියන අවස්ථාවේදී තමා මුලසුනේ පවා නොසිටි බවද අබේවර්ධන මහතා කීවේය.
කතානායකවරයා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා සභාවේ උණුසුම් තත්වයක් ඇති විය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කතානායකවරයා තමා කළ ප්‍රකාශයට කිසිවකුගෙන් උත්තර අවශ්‍ය නැතැයි පැවසීය.
එසේම ඒ ගැන විවාදයක් පැවැත්වීමටද හැකියාවක් නැතැයි කතානායකවරයා කීය.
ඉන් මොහොතකට පසු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඒ අවස්ථාවේදී මුලසුනේ කවුරු සිටියත් සිද්ධිය ගැන සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.
COMMENTS
මෙයා නම් ගිරවෙක් තමයි
අයියෝ රෝහිණී මොකද වුනේ...?
කට ටිකක් වැඩී. ගෙදර කියලා හිතාගෙන ඇති.
මෙම චෝදනා ඇත්තද නැද්ද යන්න, කථානායකවරයාගේ වගකීමකි!