(දයාරත්න ඇඹෝගම)

ආරාවුලක් දුර දිග යාමෙන් පසුව ගල්කඩවල ප්‍රදේශයේ නිවසක් තුලදි 34 හැවිරිදි පුද්ගලයෙකු  කැත්තකින් කපා කොටා  ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ නවම් මාවත,කොළඹ 02 යන ලිපිනයේ පදිංචිව සිටි මල්ලව ආරච්චිගේ පැතුම් මල්ලව ආරච්චි(34)නැමති අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කඩවල අනුරාධපුර යන ලිපිනයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් කැත්තක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර එහිදි සිදුවු බහින් බස් විමක් දුරදිග ගොස් කැත්තකින් පහරදි ඇතැයි පොලිසිය කියයි.

එම පහර කෑමෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

සැකකරු   අද (11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.