වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි
කොරෝනා වයිරසය ආසාදනය විමෙන් මඩකලපුව කාත්තන්කුඩි මුලික රෝහලේ ප්‍රථිකාර ලැබු 55 දෙනෙක් අද 10 එම රෝහලින් පිටව ගියහ.
කොළඹ බණ්ඩාරනායකපුර,බේරැවල, ජාඇල,ගාල්ල සිට මෙම පිරිස කාත්තන්කුඩි රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබාදෙනු ලැබිය.
මෙම රෝහලට කොරෝනා ආසාදිත පුද්ගලයින් 62 ක් ඇතුලත් කර ඇති අතර මෙම 55 දෙනා පිටව ගිය පසු තවත් හත්දෙනෙකු ප්‍රථිකාර ලබමින් සිටී.
කොරෝනා රෝගය වැලදිමෙන් පසුව ප්‍රථිකාර ලබා එක්වර 55 දෙනෙකු රෝහලින් පිටත්ව යන පලමු අවස්ථාව මෙය බව කාත්තන්කුඩි මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය එම්.එස්.එම්.ජාබීර් මහතා සදහන් කලේය.
කොරෝනා ආසාදිතවි මෙම රෝහලට පැමිනිමෙන් අනතුරුව මෙහිදි තමන්ට හොදින් ප්‍රථිකාර ලබාදුන් අතර ආහාර පාන තමන් බලාපොරොත්තු වුවාට වඩා ලැබුනු බවත් රෝගිව සිටි අප බලාගත් සියලු වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්තවන බව නිවෙස් වලට යන පිරිස සදහන් කලේය.
ශ්‍රිලංකා යුධ හමුදාවේ 231 බල සේනාධිපති කර්නල් පල්ලේ කුඹුර මහතා සහ 11 වෙනි ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුව අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් ඇහැලපොළ යන මහත්වරු විසින් මෙම පිරිස තමන්ගේ නිවෙස් වලට යෑමට අවශ්‍ය කටයුතු සංවිධානය කලේය.
ශ්‍රිලංකා පොලිසියේ සහ යුධ හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම පිරිස නිවෙස් බලා යෑවිමට පියවර ගනු ලැබිය.
සුවය ලබා නිවෙස් වලට යන අය සදහා කාත්තන්කුඩි නගර සභාව විසින් ජාතික කොඩියක් සහ තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැබීය.



2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාත්තන්කුඩි රෝහලේ සිටි 55 ක් සුවය ලබති
jayath Sunday, 10 May 2020 10:10 AM
මේ අය ගැන හොඳට ඇහැගහගෙන ඉන්න ඕනෑ... නැතිනම් පිස්සු පූසෝ වගේ රට පුරා දුවලා ආපහු වැඩේ අල කරන්න බලාවි... කරන්න තියන හොඳම දේ තමයි කොරෝනා හැදිලා මළොත්, පුච්චනවා කියලා පෝස්ටර් ගහන එක... එතකොට පරිස්සම් වේවි. නැත්නම් අටුලුගමදී බොල්ගොඩ වැවෙන් පැන්නා වගේ පනීවි..
Kumar (Gulf) Sunday, 10 May 2020 10:53 AM
හමුදාවෙ සහ සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට අපගේ ආචාරය....