IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ දී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

තිස්තුන් හැවිරිදි මෙම තරුණිය එංගලන්තයේ ස්ථිර පදිංචි යාපනය පුද්ගලයකු සමග වසර 2 ක කාලයක් පුරා අන්තර්ජාලය සමග සම්බන්ධතා පවත්වා ඇති බවත්. ,එසේ කතා කරමින් සිටින අවස්ථාවේදී එම සැකකරු කාන්තාවගේ විවිධ ඉරියව්වලින් අසභ්‍ය දර්ශන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එංගලන්තයේ පදිංචි පුද්ගලයා සහ මෙම කාන්තාව විරසක වීම හේතුවෙන් ඔවුහු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට කාන්තාවට තර්ජනය කරමින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 17කප්පම් මුදලක් ඉල්ලා ඇති බවද හෙතෙම කීය.

මෙම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබිණි.

මෙම මුදලින් මූලික ගෙවීම වශයෙන් රුපියල් ලක්ෂ 7ක් මුදලක් ලබා දීමට කාන්තාව එකඟ වී ඇති අතර එංගලන්තයේ පදිංචි සැකකරුගේ නියෝජිතයන් දෙදෙනකු එම මුදල ලබා ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය  යුනියන් පෙදෙසට පැමිණ සිටියදී ළමා හා කාන්තා කාර්යාංශය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

 

 



අදහස් (1)

කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු

dhamneth Wednesday, 28 July 2021 01:13 PM

තම අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හරිනවා කිවුවාට කිසි කෙනෙක් බය වෙන්නවත් ,තරහ වෙන්නවත් ,දිවි නසාගන්නවත් අවශ්‍ය නැත .කල යුත්තේ පොලීසියට දන්වා නීති මාර්ගයෙන් ක්‍රියා කිරීමයි .අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමීමත් නීති විරෝධීය.තමන් හිත ශක්තිමත් කර ගත යුතුය .තමන් ලිංගිකව හැසිරෙන පින්තුරයක් අන්තර්ජාලයට මුදා හරිනවා ලෙස කීවාට ,කිසි දිනක කප්පන් ගෙවා ඒවා නතර කරන්න යන්න එපා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site