IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කුණු ව්‍යාපෘතිය හකුලා ගන්නා තුරු සටන් කරන බව ඇමැති රංගේබණ්ඩාර කියයි

විනීතා එම් ගමගේ
 
පුත්තලමේ අරුවක්කාඩු පෙදෙසට කොළඹ කුණු ගෙනැවිත් දැමීමේ ව්‍යාපෘතිය හකුලා ගන්නා තුරු ජනතාව සමඟ එක්ව අරගලයක් දියත් කරන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
 
පුත්තලමට කුණු ගෙනැවිත් දැමීමට සුදානම් වෙද්දි තමන් මුල සිටම විරුද්ධ වූ බවත් පුත්තලමට කුණු මිස වෙන කිසිම සැලකිල්ලක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
 
පාඨලී ඇමතිවරයා කිසි දෙයක් ගණන් නොගෙන සුපුරුදු චණ්ඩි පාට් පෙන්වමින් පුත්තලමේ පොහොට්ටු සභාපතිවරයා සමඟ එක්ව මෙකී ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ යැයි ද රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේය.
 
කොළඹ කුණු කළමනාකරණය කරනවා මිස රටේම කුණු පුත්තලමට ගෙනත් දමන එක සාධාරණ දැයි විමසූ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹින් පුත්තලමට යන්නට ලොරියකට පැය හතරක් වත් යන බව ද  කීවේය.   දුම්රියෙන් කුණු ගෙන යන බව කීවත් දුම්රිය පාර එක අඩියක් වත් දික් කර නැතැයි ද මේ ව්‍යාපෘතියෙන් සිදුවන්නේ කොළඹ සිට වනාතවිල්ලූවට යනතුරු  සම්පූර්ණයෙන්ම කිලෝ මිටර් 200 ක් විෂබීජ පැතිරවීම හා ගඳ ගැස්සවීම පමණකැයි ද හෙතෙම සඳහන් කළේය.  
 
අරුවක්කාඩු සංවේදී ප‍්‍රදේශයක් යැයි පෙන්වා දුන් රංගේ බණ්ඩාර මහතා එක පැත්තකින් මුහුද හා කළපුවත්, අනෙක් පසින් විල්පත්තුව, ජනතාව වෙසෙන ප‍්‍රදේශ. තව පසෙකින් නිල බැම්ම ව්‍යාපාරය හා පානීය ජලය ලබාගන්නා කලාඔය ජල දහරත් ඇති මෙම පෙදෙසට කසළ අංගනයක් ඉදිකිරීම සාධාරණ දැයි ප‍්‍රශ්න කළේය. 



අදහස් (7)

කුණු ව්‍යාපෘතිය හකුලා ගන්නා තුරු සටන් කරන බව ඇමැති රංගේබණ්ඩාර කියයි

Nuwa Sunday, 14 October 2018 11:53 AM

මෙන්න මෙයා ආයෙත් ඇවිත්, වතුර බෝතලේ අපිට තාම මතකයි...

:       0       68

Asanka Sunday, 14 October 2018 12:59 PM

මේ වගේ කුණු ඇමැතිලා ඉන්නකොට කොහොමද ජනතාවට සෙතක්වෙන ව්‍යාපෘතියක් කරන්නේ?

:       6       141

rohan Sunday, 14 October 2018 01:24 PM

මේවගේ බොරු දේශප්‍රේමීන් හින්දා තමයි මේරට ගොඩ ගන්න බැරි.. මොකක්හරි හොඳ දෙයක් කරන්න හදනකොට කකුලෙන් අදිනවා.

:       0       146

rohana Sunday, 14 October 2018 03:45 PM

රංගේ බණ්ඩාර මොන පක්ෂේ වුණත් වැඩක් නැහැ... පාටලී ඇමැතිතුමා මොන වැඩේ කලත් හරියට කරන කෙනෙක්.. මේවගේ දේවල් වලට එදිරි වෙන්නේ ගොන්කමට නේද?

:       1       165

රවින් Sunday, 14 October 2018 11:31 PM

මෙම ව්‍යාපෘතියෙන් කියක් හරි කඩාගන්නකම් උද්ගෝෂණ තියයි. ප්‍රතිචක්‍රීකරණය කියන වචනයේ තේරුමවත් දන්නවාද මෙයා?

:       0       0

නාලක Monday, 15 October 2018 12:35 AM

රංගේ බණ්ඩාර ඡන්ද බලාගෙන කරන දුර දිග නොබලන වැඩ.

:       0       0

ajith Tuesday, 16 October 2018 02:18 AM

අරුවක්කදුවල තියෙන වලවල් වහන්න කොළඹ කුණු මදි. කලා ඔය තියෙන්නේ ඔය වලවල් කිට්ටුව නොවෙයිනේ. ඕව තියෙන්නේ විල්පත්තුව වනය තුළත් නොවෙයි. ඇමතිතුමනි ඕකට විරුද්ධ වෙන්නේ නැතුව ඔබට උදවු කළ කොල්ලන්ට කෙල්ලන්ට ඔය ව්‍යාපෘතියෙන් රක්ෂාවල් ටිකක් අරන් දීල ඡන්ද ගොඩ වැඩි කරගන්න බලන්න. හැම එකටම විරුද්ධ වෙන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site